IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මිරිස් වේලන්න මිලියන 356ක යන්ත්‍රාගාරයක්

(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් රුපියල් මිලියන 356ක වියදමින් වව්නියාව පාලමොටෙයි ප්‍රදේශයේ ඉදි කළ වියළි මිරිස් සැකසුම් හා ඇසුරුම් මධ්‍යස්ථානය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර  මහතා අතින් විවෘත කෙරිණි.

මේ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා රජය, ලෝක බැංකුව හා යුරෝපා සංගමය විසින් ලබා දී තිබේ.

මෙම ප්‍රදේශයේ ගොවීන් 300ක් විසින් මිරිස් අක්කර 150ක වගා කරන අතර එම වියළි මිරිස් දේශීය වෙළෙඳපලට සරිලන අයුරින් සැකසුම් කිරීම හා ඇසුරුම් කිරීම මෙම මධ්‍යස්ථානය මගින් සිදු කෙරේ.

ලංකාවේ වාර්ෂික වියළි මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 52,500කි. නමුත් 2022 වසර වන තෙක් මෙරට වාර්ෂික වියළි මිරිස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 5000ක් විය. ඉතිරි මෙට්‍රික් ටොන් 48,500ම ආනයනය කරනු ලැබිණි.

 2023 වර්ෂයේ මෙරට සමස්ත වියළි මිරිස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 10,000ක් දක්වා පැවැති ප්‍රමාණයට වඩා දෙගුණයකින් ඉහළ ගිය බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 



අදහස් (1)

මිරිස් වේලන්න මිලියන 356ක යන්ත්‍රාගාරයක්

Bandula Sunday, 24 March 2024 04:12 PM

කරනවා විතරයි ඒවා යෙන් නිසි පරිදි ප්‍රයොජන ගන්නේ නැ මුදල් නාස්තිය පමනයි රජයෙ නිලධාරීන් කාලකන්නි -5ක්ම නිකමො .

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site