IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මාරුව බාර නොගත් කා. අ .අධ්‍යක්ෂවරු හතරක් ගෙදර

(දයාරත්න ඇඹෝගම)

සේවා අවශ්‍ය තාවයන් මත ස්ථාන මාර කරනු ලැබුවද එම ස්ථාන මාරැවිම් නොසලකා එම ස්ථානයේම රාජකාරියේ නිරතව සිටි උතුරු මැද කලාප අධ්‍යක්ෂවරු සිවුදෙනකු අනිවාර්යය නිවාඩු යවා තිබේ.

මෙසේ අනිවාර්ය නිවාඩු යවා ඇත්තේ අනුරාධපුර, කැකිරාව, පොළොන්නරුව හා හිඟුරක්ගොඩ යන කලාපවල සේවය කළ කලාප අධ්‍යක්ෂවරු සිවු දෙනෙකි.

උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අභය ලක්ෂ්මී හේවාපතිරණ මහත්මියගේ අස්සනින් යුතුව මේ අනිවාර්ය නිවාඩු යැවීම සිදු කර ඇත.

වසර පහකට අධික කාලයක් එකම ස්ථානයේ රාජකාරියේ නිරතවිමේ හේතුවෙන් මොවුන් ස්ථාන මාරුවීම් සිදුකර දින දාහතරක් (14) ගත වී තිබියදීත් බලහත්කාරයෙන් තමන් රාජකාරි කළ ස්ථානයේම රැඳී සිටීම මෙයට හේතු වූ බව සිදුකළ විමසුමේදි පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසිය.

අනිවාර්ය නිවාඩු යවන ලද කලාප අධ්‍යක්ෂවරු මාධ්‍යයට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය. මොවුන් සඳහා ඉදිරියේදී චෝදනා පත්‍රයක් ලබා දීමටද නියමිතය.

අනිවාර්ය නිවාඩු යැවිමේ හේතුවෙන් පුරප්පාඩුවු කලාප අධ්‍යක්ෂවරු සිවු දෙනා වෙනුවට පළාත් අධ්‍යාපන දෙපාරතමේන්තුව විසින් අධ්‍යාපන පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සිවු දෙනෙකු තාවකාලිකව පත්කොට තිබේ.

 



අදහස් (4)

මාරුව බාර නොගත් කා. අ .අධ්‍යක්ෂවරු හතරක් ගෙදර

Bamunuarachchi Sunday, 29 October 2023 01:34 PM

නියමයි! සෑම දෙපාර්තමේන්තුවකම මේ ආකාරයට පරිපාලන කටයුතු කෙරෙනවා නම් රාජ්‍ය සේවය ඵලදායි එකක් කරගන්න පුළුවන්... වැඩේ ඉහළින්ම පටන්ගතයුතුව ඇත...!

:       1       28

ravin Sunday, 29 October 2023 01:56 PM

ඉස්සර නම් රාජ්‍ය සේවකයෝ එක සේවක ස්ථානයක උපරිම සේවාකාලය අවුරුදු 04යි. අනිවාර්යයෙන්ම වෙන ස්ථානයකට මාරු කරනු ලබයි. අතිදක්ෂ ලෙස තම කාර්යයන් ඉටුකළ අයට පමණක් ඉතා කෙටි කාලයක් තුළ නැවත පරණ ස්ථානයටම මාරුවීම් ලබාදෙනු ලබයි. දැන්? සුදුසුකම දේශපාලුවන්ගේ හෙංචයියෙක් වීම...

:       2       17

අප්පුහාමි Sunday, 29 October 2023 04:08 PM

ඉහත අදහස් දෙකම ඉතාමත් නිවැරදියි... ඕවා වෙන්නේ පත්වීමක් දෙනවිට, සේවයේ යෙදෙනවිට හා උසස්වීම් වලදී තමන්ගේ රාජකාරි වගකීම හා යුතුකම් ගැන පුහුණුවක් නොදීම නිසා තමයි සෑම සියලු රජයේ සේවකයින් මෙන්ම නිලධාරින් සඳහා එහෙම පුහුණුවක් දෙන්න ඕනෑ... එහෙම නැතුව වැඩ ගන්නා විට කලින් එම තනතුර දැරූ නිලධාරින් විසින් කියාදෙන ආකාරයට කටයුතු කළාම ඔහොම වෙනවා... මම උදාහරණයක් කියන්නම් 2005 වර්ෂයේ උපාධිධාරීන් විශාල ප්‍රමාණයකට පත්වීම් දුන්නා... පුහුණුවක් දුන්නා තමයි ඒක දුන්නේ දැනට සේවයෙන් පහළ දමා සිටින දේශපාලන හිතවතෙකු විසින් හා තවත් දෙන්නෙක් පමණ පිරිසක් තමයි ඉතින්... අර දේශපාලන හිතවතා කියලා දුන්නේ එදා සිට වෘත්තීය සමිති පිහිටුවා ගන්න කියලා පමණයි. ඉතින් එහෙම වුණාම ඔහොම දේවල් වළක්වන්න වයිමාටවත් බැහැ... ඔතැනදී කරන්න තියෙන්නේ මුලින්ම නිදහසට කරුණු විමසීමක් තමයි. ලැබෙන පිළිතුර අනුව විධිමත් විනය පරීක්ෂණයක් කරන්න පුළුවන්... ඔවුන් කරලා තියෙන්නේ වාර්ෂික වැටුප් වර්ධකය නොගෙවීමට හේතුවක් වන ඉහළ නිලධාරින්ගේ උපදෙස් නොසලකා හැරීම තමයි..!

:       0       6

රුහුණු කුමාරි Monday, 30 October 2023 03:01 PM

අනිවාර්යයයෙන්ම හොඳ වැඩක්.. බස්නාහිර පළාතටත්, සබරගමුව පළාතටත්, ඌව පළාතටත්, නැගෙනහිර පළාතටත් මායිම් වෙලා තියන පළාතේ පළාත් සභාවේ නම් ස්ථානමාරු හදලා දෙන්නේ මූල්‍ය ප්‍රතිලාභ තියන ආයතනවලට (පළාත් ආදායම්, මෝටර් රථ) ලොක්කන්ගේ සියළු වැඩ කරල දෙන සට්ටං රාලලාට ඔවුන් ටික බොරුවට යූනියන් ටිකක් හදාගෙන අනිත් මිනිස්සු අන්දගෙන ඔවුන්ගේ වැඩ ටික කරගන්නවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site