
(ඩබ්ලිව්. ඩී. එම්. විතානගේ)
කිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් ගත කර සිටින හිටපු ඇමැති මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් හතර දෙනා තවදුරටත් ලබන මැයි මස 05 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද නියෝග කළාය.
තවද දැනට සැගවී සිටින සැකකරුවන් දෙදෙනා වන හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර හා කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන අයවලුන් අත් අඩංගුවට ගැනීම සදහා නැවතත් වරෙන්තුවක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීම අනුව එම දෙදෙනා අත් අඩංගුවට ගැනීම සදහා නැවතත් වරෙන්තුවක් ද මහේස්ත්‍රාත්වරිය විසින් නිකුත් කෙරිණි.
2025 නොවැම්බර් මස 04
727
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2390
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මර්වින් යළි රිමාන්ඩ්
fairoosmr Monday, 21 April 2025 05:49 PM
ඔය එන්නේ රාජපක්ෂලාගේ ආණ්ඩුවේ කෙරුවාවල්...!
මාටිනස් රොසයිරෝ Monday, 21 April 2025 06:11 PM
පහුගිය මාස 6ට මාලිමා ආණ්ඩුවෙන් කළ එකම යහපත් වැඩේ
Perera Tuesday, 22 April 2025 08:25 AM
බලය නැතිකොට වටේ එල්ලිලා හිටපු හිපාටුවොත් හැලිලා.