
(ගයාන් සූරිය ආරච්චි)
ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මහර බන්ධනාගාරයේ නවක සිරකරුවන්හ රඳවා තිබෙන රෝහල් වාට්ටුවක රඳවා සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක පැවසුවේය.
මර්වින් සිල්වා මහතා පමණක් එම බන්ධනාගාර රෝහලේ වාට්ටුවක රඳවා ඇති අතර ඔහුට කිසිදු අමතර පහසුකමක් නොසපයන බවත් ඔහුගේ ආරක්ෂාව සලකා මෙම පියවර ගෙන ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
COMMENTS
පාතාලේ එවුන්ගෙත් ආරක්ෂාව ගැන සලකා උන්ටිකත් ඒ රෝහල් වාට්ටුවටම දැම්මොත් නේද හොඳ? එතකොට, ඒ ගොල්ලෝ හිටපු ඇමැතිතුමාව හොඳට බලා ගනියි, මේ මාව බලාගත්තා වගේ...!!!
ඔන්න ඉතින් ලැජ්ජා නැති වැඩ කරනවා.
තියන ලෙඩකට නොමිලේම බෙහෙත් කරගෙන එන්න මටත් බැරිද බන්ධනාගාර රෝහලට යන්න. එතුමාගේ බඩේ රුදාව ඉක්මනින්ම සුව වේවා යයි පතනවා...! ඒ ලෙඩේ හඳුනා ගත්තු දක්ෂ දොස්තරාටත් ගෞරවය පිරිනමනවා..
කෝ තාම මේ සිස්ටම් එක චේන්ජ කර ගන්න බැරි වුනානේ. මේ ගොල්ලත් අරගොල්ලන් වගේම තියෙන සිස්ටම් එකම තමයි කරගෙන යන්නේ. ඒකෙන් දවසක මේ ගොල්ලන්ටත් සහනයක් ගන්න පුළුවන්නේ. ඒක වෙන්න ඇති...!
එළියට චණ්ඩි. ඇතුලට නොන්ඩි...
කලින් ආණ්ඩු වගේම තමයි. කිසි වෙනසක් නෑ.
බුහා, ආණ්ඩුව වෙනස් වුණා කියලා වෙලා තියෙන්නේ ඉස්සර හිටි ඔලු ගෙඩි මාරු වෙලා ගොන් ගස් ටිකක් ඇවිත් තියෙන එක විතරයි, අරුන් කරදේම ඊට වඩා බාල විදියට මුණුත් කරනවා.
ආචාර්ය මර්වින් සිල්වාට වෙච්චි දේ? එළියේ ඉන්නකොට මොන තරම් පාට් දැම්මද? මහා ලොකු වීරයෙක් වගේ හැසිරුණේ ? දැන් කාලා වරෙන්කෝ?
අපේ සල්ලිවලින් බෙහෙත් දෙන්න එපා...
වැඩි ආරක්ෂාව පිණිස ගැබිණි වාට්ටුවට දාන්න.
කොහොමද කයිය ගහනකොට නම් .රෙද්දේ රෙවෙන්නේ මේ වගේ උනාම