
(මනෝප්‍රිය ගුණසේකර)
කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වශයෛන් කටයුතු කළ වසර දෙකක කාලය තුළ තමාගේ නිත්‍යානුකූල වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 15කට අධික මුදල් හා දේපළ උපයා ගත් බවට හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාට සහ නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව වියළි කළාප සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ ජනරාල්ධුරයට පුද්ගලයකු පත් කිරීම සහ නීතියානුකූල නොවන ආකාරයට එහි ව්‍යාපෘති වලට සිය හිතවතුන් පත් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා පෙළඹවන ලද බවට හිටපු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය සහ වියළි කළාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ චන්දාණී බණ්ඩාර මහත්මියට එරෙහි අධිචෝදනා බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා විත්තිතරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමටද අද (06) නියම කළේය.
විත්තිතරුවන් දෙදෙනා අල්ලස් පනත යටතෙත් දඬුවම්ලැබිය යුතු වැරදි කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම පවරා තිබු නඩු කොළඹ මහාධිකරණය හමුවේ අද (06) කැඳවනු ලැබු අවස්ථාවේදී එලෙස නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහි නඩුවල පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණ පවැත්වීමට දින නියම කළේය.
නඩු කැඳවු අවස්ථාවේදී හිටපු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය සහ වියළි කළාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ චන්දාණී බණ්ඩාර මහත්මිය අධිකරණයේ පෙනී සිටි අතර වෙනත් නඩුවක් සඳහා රිමාන්ඩ් බරයේ පසුවන හිටපු අමාත්‍ය ආචාර්්‍ය මර්වින් සිල්වා මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් රංග දිසානායක මහතාගේ අත්සනින් යුතුව අධිචෝදනා දෙකක් යටතේ මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇත.
2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2286
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මර්වින්ට - චන්දාණීට අධිචෝදනා බාර දෙයි
වික්‍රම විදුර Friday, 06 June 2025 06:21 PM
මර්වින්ට ආචාර්ය පට්ටමක් තිබුණාට ඕක බාර දුන්නාට තේරෙයිද දන්නෑ.?
රුවන් Friday, 06 June 2025 06:30 PM
පුස් බයිසිකලයෙන් ආපු මන්ත්‍රී අවුරුද්දෙන් කෝටිපතියෙක් වුනේ කොහොමද? මෙන්න තියෙනවා උදාහරණය...
MD Friday, 06 June 2025 09:45 PM
හොරකම, දූෂණය පිටුදකිනවා. නමුත් රට පාවාදෙනවා මේ තකතීරු, දුෂ්ට, කුහක වෛරී මාලිමා ආණ්ඩුව. මහින්ද රාජපක්ෂ පවුල ප්‍රධාන රට කරපු අනෙකුත් කිසිම ආණ්ඩුවක් මෙහෙම නීච ආකාරයට කොටි හිතවාදීන්ට යටත් වෙලා උන් කියන කියන පදයට නටන්න ගියේ නැහැ. දේශද්‍රෝහී ආණ්ඩුව පලවා හරිනු...