
(සමන් පාලිත නානායක්කාර )
හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්ද පැරණි නාය ගිය කොටස දෙපස අද( 22 අ) ලුයම සිට නැවතත් නාය යාමට පටන් ගෙන ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ. එම්. එල්. උදයකුමාර මහතා පැවසීය.
අංක 14 හා 15 නිවාස පේළි දෙකට ඉහළ කොටස මෙසේ නායයාම සිදු වෙමින් පවතී. මෙම කන්ද ටිකෙන් ටික රූ රා පහළට එන අයුරු දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීහු පවසති.
අක්කර දෙකක පමණ කොටසක් මෙසේ මේ වන විට නායයාමට ගොදුරු වී ඇති බව ද ප්‍රදේශවාසීහු පවසති.
මෙම නිවාස පේළි දෙකෙහි පදිංචිව සිටි පවුල් තිස්තුනක් ආරක්ෂිත පියවරක් ලෙස ඉකුත් දින ඉවත්කර සුරක්ෂිත මධ්‍යස්ථානයක රැඳවීමට හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී මහත්මිය පියවර ගෙන තිබුණි.
2014 වර්ෂයේ සිදු වූ ශ්‍රී ලංකාවේ විශාලතම නායයාමක් ලෙස මෑත කාලයේ දී වාර්තා වූ කොස්ලන්ද මීරියබැද්ද පැරණි නායයාම දෙපස මෙලෙස නාය යාම ආරම්භ වී තිබේ.
මෙම ස්ථානයේ නිවාස පේළි දෙකක් පාසල් ගොඩනැගිලි කීපයක්හ හ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් පිහිටා තිබේ.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මීරීයබැද්ද යළි නාය යයි