IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මරදමඩු දේව මෙහෙය උත්සවාකාරයෙන් ඇරඹෙයි

(රොමේෂ් මධූෂංඛ)

මන්නාරම ඓතිහාසික මරඳමඩු දේවස්ථානයේ වාර්ෂික මඩු මංගල්‍යයේ අවසන් දේව මෙහෙය පූර්ණ ආරක්ෂාවක් හමුවේ අද (15) උදෑසන උත්සවාකාරයෙන් ආරම්භ විය.

මන්නාරම් රදගුරු ෆිඩෙලිස් ලයනල් එමානුවේල් ප්‍රනාන්දු  හා මරඳමඩු දේවස්ථානයේ රදගුරු එස්.ජේ.පී. සුසෙයි පියතුමන් ඇතුළු අනුරාධපුර, බදුල්ල හා කුරුණෑගල යන ප්‍රදේශයන් හී රදගුරුවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

මඩු මංගල්‍ය දිවයිනේ නන් දෙසින් මෙන්ම විදෙස් සිට ද විශාල කිතුණු බැතිමතුන් පිරිසක් වාර්ෂිකව සහභාගී වන අතරම අද පැවත්වෙන වාර්ෂික මඩු මංගල්‍යයේ අවසන් දේව මෙහෙය වෙනුවෙන් ආරක්ෂක අංශ විසින් පූර්ණ ආරක්ෂාවක් සපයා ඇත.

අවසන් දේව මෙහෙය උදෑසන 6.15ට ඇරඹෙන අතර දේව මෙහෙයෙන් පසු ඓතිහාසික මඩු මාතා පිළිරුව මඩු භූමියේ බැතිමතුනට වන්දනාමාන සිදු කිරීම සඳහා වීදි සංචාරය කරනු ලැබේ.

අද (15) උදෑසන අවසන් දේව මෙහෙය පැවත්වීමට පෙර ඊයේ (14) මැදියම් රැයේ ද විශේෂ දේව මෙහෙයක් සිදු කෙරෙයි.

වාර්ෂික මඩු  වෙනුවෙන් සහභාගී වූ බැතිමතුන් වෙනුවෙන් පහසුකම් සැපයීම මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය හා මඩු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග පොලීසිය හා ත්‍රිවිධ හමුදාව දායකත්වය ලබා දෙයි.



අදහස් (0)

මරදමඩු දේව මෙහෙය උත්සවාකාරයෙන් ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site