IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මරණ දඩුවම නියම වු අයෙක් වසර 19කට පසු අල්ලයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ගම්පහ මහාධිකරණය මගින් මරණ  දඬුවම ලබා දී ලබා දී තිබියදී සැඟව සිටි පුද්ගලයෙකු වසර 19 කට පසුව රාගම නගරයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ රාගම අලගොල්ල පෙදරේරුවෙකි.

මෙම පුද්ගලයා ඔහුගේ සහෝදරයා හා එක්ව 2001 දොළොස් වැනි මස 19 වෙනි දිනපුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන්පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගත කර ඇත.

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටියදී 2004 වර්ෂය සිදුවූ සුනාමි ඛේදවාචකය අවස්ථාවේදී වෙනත් බන්ධනාගාරයකට රැගෙන යමින් සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී මෙම සැකකරු පලාගොස් තිබිණි යැයි පොලීසිය කියයි.

2004 වසරේ 8 වෙනි මස 31 වැනි දින සැකකරුට අධික යෝජනා භාරදීමෙන් අනතුරුව සැකකරු නොමැතිව සති මෙහෙයවා මෙම සැකකරුට මරණ දඬුවම නියම කර තිබිණි යැයි ද උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම සැකකරුගේ සහෝදරයා මෙම නඩුවෙන්  නිදොස් කොට නිදහස් කර ඇති අතර රාගම  නගරයේ දී පෙරේදා අත්අඩංගුවට ගත් සැකකරුටඔහු නොමැතිව සාක්කි මෙහෙයවා මරණ දඬුවම නියම කර තිබිණි යැයිද පොලිසිය කියයි.

 



අදහස් (0)

මරණ දඩුවම නියම වු අයෙක් වසර 19කට පසු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site