(පද්මසිරි ගාර්දියවසම්, චන්ද්‍රසේන ගමගේ, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, සනත් ගමගේ සහ ක්‍රිෂාන් ජිවක ජයරුක්)
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ දී තිදෙනකු අභිරහස් ලෙස මිය යාමත් සමග පොලිසිය සිදු කළ විශේෂ මෙහෙයුමකදී ලොරි තුනක සඟවා තිබූ කුඩු කිලෝ 600කට අධික ප්‍රමණයක් ටී-56 ගිනි අවියක් ඇතුළු ගිනි අවි හයක් සොයා ගැනීමට හැකි වූ බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
තංගල්ල සිනීමෝදර ප්‍රදේශයේ අලුත් වැඩියා කරමින් තිබූ පැරණි නිවසක තිබී මළ සිරුරු දෙකක් සොයාගෙන ඇති අතර ඔවුන් සමග සිටි දෙදරු පියකු නිවෙසට ගිය පසු හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
මොවුන් රැදීසිටි සිනීමෝදර නිවස අසළ තිබී කුඩා ලොරි රථයක් පොලිස් භාරයට ගෙන ඇති අතර එතුල තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 10 ක් සොයාගෙන බවද පොලිසිය පැවසීය .
ඒ අසල තිබූ අනෙක් ලොරි රථයේ බද සහිත ප්‍රදේශයේ සකසා තිබූ රහස් රක්ක මත කුඩු බවට සැකකරන පැකට් විශාල ප්‍රමාණයක් හමු වූ බවත් එහි නියමිත බර අද (22) සවස් වනතුරුත් ගණනය කර නොතිබුණි.
රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත සිදු කළ විමර්ශනයකී තංගල්ල කදුරුපොකුණ ප්‍රදේශයේ ගරාජයක නවතා තිබූ තවත් කුඩා ලොරි රථයක තිබී මත්ද්‍රව්‍ය සහ ගිණිඅවි සොයාගත් බවද පොලිසිය පැවසීය .
අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 86 ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් 100 ක් නවීන පන්නයේ රිවෝල්වර 05 ක් සහ ටී 56 ගිණිඅවියක් එම ලොරියේ සඟවා තිබී සොයාගත් බවද පොලිසිය පැවසීය.
එම ලොරියේ පටවා තිබූ පැණිකොමඩු අතර සකසා තිබූ විශේෂ රාක්කයක එම කුඩු සහ ගිනි අවි සඟවි තිබූ බව පොලිසිය පවසයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල උණාකූරුව ලන්දෙවත්ත ලිපිනයේ පදිංචිව සිටි සුවද හැන්නදිගේ තුසිත් වෙනුර කුමාර (අවු 50) , අම්බලන්තොට ලුණම රණවිරු මාවතේ පදිංචි ඩබ්ලිව් .ඊ.කවිදු කල්හාර ,අම්බලන්තොට ලුණම මණ්ඩගල පාරේ පදිංචි දිනුක ලක්ෂාන් හේවාවිතාරණ යන තිදෙනාය .
සිනීමෝදර නිවස අසල තිබී හමු වූ ලොරි රථ දෙකෙන්ම කුඩු සොයාගත් බව පොලිසියකියයි. එක් ලොරි රථයක්, මියගිය තුසිත් වෙනුර කුමාර නමැති අයට අයත් එකක් බව ද පොලිසිය සඳහන් කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
මරණ තුනෙන් හමු වූ තංගල්ලේ කුඩු කන්ද | වීඩියෝ
සිරිවර්ධන Monday, 22 September 2025 01:19 PM
පන්නපු කන්ටේනර් 323 අස්සේ මොන තරම් කුඩු සහ ආයුධ ඇවිල්ල ඇතිද? මේ අපරාධය කළවුන්ට දඬුවම් දෙන්න විශේෂ උසාවියක් හදන්න ඕනෑ...
කෞෂිMonday, 22 September 2025 02:03 PM
ඇත්ත තමයි. මේ ආණ්ඩුව ඇවිල්ලත් මෙහෙමනං, ඉස්සර කොහොම කරන්න ඇතිද කියල හිතාගන්න පුලුවන්නේ!?!
අරවින්ද මොණරවිල Monday, 22 September 2025 02:20 PM
නාමල් රාජපක්ෂ ඉදිරියේ නඩු අහමුද?
පොඩිඑකාMonday, 22 September 2025 07:46 PM
යෝග සිරා ඉතිං හදන්නකෝ...
රංජිත් Monday, 22 September 2025 01:23 PM
ඇයි බං මේ ඔක්කොම තංගල්ලෙන්ම හම්බ වෙන්නේ... ඒ තරම් ආරක්ෂිතවද තංගල්ල පැත්ත...?
HafeelMonday, 22 September 2025 02:10 PM
අර 2029 සිහින ජනාධිපතිගේ දිස්ත්‍රික්කයනේ...
ගුණසේකර Monday, 22 September 2025 02:27 PM
වරාය බාර ඇමතිගෙ ගම තංගල්ල. ඉතින් තේරෙන්නෙ නැද්ද සම්බන්ධේ..
පොඩිඑකාMonday, 22 September 2025 03:12 PM
ගුණරත්නගේ මොලෙයි, පසුපස මාර්ගෙයි අතර සම්බන්දේ නම් හොදට තේරෙනවා...
අරවින්ද මොණරවිල Monday, 22 September 2025 02:07 PM
ඕවා රාජපක්ෂලාගෙ බඩුමල්ල, බැරි වෙලාවත් නෑ මොලයා ජනාධිපති වුණා නම් ලංකාවට කුඩු වසන්තයක් උදාවෙන්නේ...!
වසන්ත Monday, 22 September 2025 02:32 PM
රාජපක්ෂලගෙ කාලේ තියා ඉතිහාසයේ කවරදාකවත් මාලිමා ආණ්ඩුවේ කාලේ තරම් කුඩු වසන්තයක් තිබිලා නෑ. ජනාධිපතිකමයි තුනෙන් දෙකයි තියාගෙනත් කුඩු ගෙන්නන එවුන්ව අල්ලගන්න බෑ. නොදකින් හාල්පාරුවො.
අරවින්ද මොණරවිල Monday, 22 September 2025 03:36 PM
කෙහෙල්බද්දර පත්මේ, බැකෝ සමන්, මනම්පේරි එහෙම මාලිමාවේ එවුන් කියලා වහලුන්ට පර සක්වල ගහලා දිවුරනවා මහින්ද එක්කයි නාමල් එක්කයි ඉන්න ෆොටෝ මාධ්‍යවල නොගියා නම්.
නිහාල් Tuesday, 23 September 2025 08:43 AM
අග මුල හොයාගෙන යනකොට උබලට පුන්නක්කු දෙන මහ එකා ළඟ නතර වෙයි. බලාන ඉඳපල්ලා.
Neel Monday, 22 September 2025 02:13 PM
කුඩු වලට විශේෂ ආරක්ෂාවක් තංගල්ල පැත්තේ තියෙනවා නේද? ඉස්සර මීගමුවටත් තිබුන බව මට මතකයි...
උකුස්සා Monday, 22 September 2025 02:14 PM
නාමල් සුළඟ...
Pradeep Kumara Monday, 22 September 2025 02:27 PM
මේ සිදුවීම් වලින් පැහැදිලි වෙන්නේ දකුණු පලාත මෙවැනි ක්‍රියා සඳහා ඉතාමත් ආරක්ෂාකාරී තැනක් වී තිබූ බවයි.
රනේ Monday, 22 September 2025 02:30 PM
මිනිස්සු තංගල්ල වන්දනාවෙ එක්කයන රස රහස...
ගල්පර Monday, 22 September 2025 02:41 PM
රාජපක්ෂලා ආණ්ඩු කරලා තමයි අපේ රටේ මේ කුඩු රාජ්‍ය බිහි කලේ. ඒවායේ ප්‍රතිඵල තමයි අපි නාමල්ගේ ගෝලයින්ගේ කුඩු වලලපු කන්ටේනර් පිටින් දැක්කේ.දැන් මේ මාලිමා ආණ්ඩුව දැඩි නීති රීති දාලා මෙච්චර වැටලීම් කරත් තවත් දිනෙන් දින මෙහෙම කුඩු මැවෙනව නම්, නැවත ඉස්සරහට බැරිවෙලා හරි නාමල් බේබි රට කරොත් කොහොමට තියේද?
පිටිගල මිලානෝ Monday, 22 September 2025 03:48 PM
සාටක පාතාලය කඩාවැටෙමින් පවතී. සොම්බි රටක් සාදා රටේ විචක්ෂණ බුද්ධිය සහිත තාරුණ්‍ය අකර්මන්‍ය කරවා සාටකයන් සහ උන්ගේ ගැත්තන් පමණක් රජ කිරීමට කළ දේවල් එළිවෙමින් පවතී.
sathyapala Monday, 22 September 2025 03:59 PM
රන් ආලේපිත T 56 ඇමති ලඟ රන් ආලේපිත මැගසින් ජනාධිපති ආරක්ෂක පාතාලේ මනම්පේරි ලග . ජනාධිපති දෙන්නෙක්ම ඉන්න ගමේ හැමතැනම කුඩු ෆැක්ටරි. මේ රට මේ තරමටවත් බේරිලා තිබුණා පුදුමයි.
saman Monday, 22 September 2025 04:09 PM
බැරිකම වහගන්න කරන මාලුපාන් කාරයන්ගේ නාටක.
යක්ක පුතා Monday, 22 September 2025 04:29 PM
@saman බැරි උන්දැලා තමයි රටම බංකොලොත් කරලා මිනිසුන්ගේ ගුටි කන්නේ නැතිව යන්තන් පැනලා ගියේ...
ලොරි මඩ Monday, 22 September 2025 06:58 PM
ලොරි හරවල මිදුල මඩවෙලා තියන හැටියෙන් තේරෙනවා ලොරි කීයක් එහාට මෙහාට ගිහිල්ලා තියනවාද කියලා.. මහ පරිමාණ තිප්පලක්...
ක්‍රයිම් ක්‍රයිම් Monday, 22 September 2025 07:10 PM
පොලිසියේ අයට ක්‍රයිම් සීන් තේරෙන් නෑ.. හැම එකම ඇල්ලුවාම ඇගිලි සලකුනු වත් ගන්නේ කොහොමද? ග්ලව්ස් නොදා.. තුවක්කු එක්ක සෙල්ලම් කරන්න කලින් ඕවා ප්‍රොසෙස් කරලා එවිඩන්ස් බෑග් වල දාලා ඉන්න...
Asela Monday, 22 September 2025 07:11 PM
මේ දවස්වල CID එකයි, පොලිසියයි කියන දේවල් විශ්වාස කරන්න බෑ. මොකද මේවා මහින්ද කාලේ වගේම ගොඩක් දේශපාලනීකරණය වෙලා. මේ කාලේ මේ ආයතන පාලනය කරන්නේ මහින්ද කාලේටත් වඩා සම්පූර්ණයෙන්ම නරක විදිහටයි. ජනතා විමුක්ති පෙරමුණේ වැඩකට නැති, නූගත් දේශපාලනඥයින් සෑම දෙයක්ම රාජපක්ෂවරුන්ට බැර කර, වහලුන් සතුටු කරන්නේ ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න විසඳීමට කිසිදු මගුලක් නොකරමිනි. රාජපක්ෂ සාධකය නොමැතිව අනුරට මේ රට පාලනය කළ නොහැකිය. වැඩකට නැති කණ්ඩායමක් සමඟ මෙතරම් මෝඩයෙකු කවදාවත් දැක නැත. කවුරු කුමක් කිව්වත්, මෙම පාලනය අසාර්ථකයි.
නිහාල් Tuesday, 23 September 2025 08:46 AM
කෙඳිරිය සද්දෙ මදි
Ajith Monday, 22 September 2025 07:56 PM
දැන් සීතලද...?
Ahmed (Gulf) Tuesday, 23 September 2025 02:45 AM
මේ මෝඩ පොලිස් නිලධාරීන් මෝඩයෝ වගේ හැම දෙයක්ම අල්ලලා සාක්ෂි විනාශ කරනවා.
Vajira Tuesday, 23 September 2025 07:16 AM
කුඩු ලන්සාව බදා ගත්ත රාජපක්සගේ ගමේ කුඩු අහුවෙන එක පුදුමයක් නෙවේ. මුන් ලංකාව හයිටිය වගේ අරාජික රටක් කරලා සදා කාලිකව වැජබෙන්න තමයි සැලසුම් ගහගෙන ඉන්න ඇත්තේ! මේවට පිටරට බලගතු ලොක්කොත් සම්බන්ධ ඇති! පාහරයෝ මේවට සම්බන්ධ උන්ට වැහි නැති හෙන ගහන්න ඕනේ!
පිස්සු යකෙක් Tuesday, 23 September 2025 07:23 AM
මේකේ අසේලලා සිරිවර්ධනලා වගේ අය දාලා තියෙන අදහස් දැක්කාම හිතෙන්නේ ඇත්තටම මේ රටේ කුඩු පවා රාජපක්ෂලා කරොත් අවුලක් නෑ වගේ
saman Tuesday, 23 September 2025 08:17 AM
යක්ක පුතා. ලංකාව බංකොලොත් වුනේ යහපාලන පෙරලිය, පාස්කු ප්‍රහාරය, කොවිඩ් අර්බුදය සහ යුක්රේන යුද්ධය නිසා අසාමාන්‍ය විදිහට ඉන්ධන මිල ඉහල යෑම නිසා. උද්ගෝෂණ මගින් සංවර්ධන ව්‍යාපෘති නැවැත්වීම හා යහපාලනය ගෙන ඒමට දායක වෙච්ච ජෙප්පොත් මේකෙ හවුල් කාරයො. දැන් යන්නෙ දෙවන යහපාලන යුගය. මේකෙ පරිප්පුව කන්න වෙන්නෙ ඊළගට එන කෙනාට. කොපමණ හොද කෙනෙක් ආවත් උඹලා වගේ මෝඩයො උෟවත් එලවනවා සත්තයි
fairoos Tuesday, 23 September 2025 11:37 AM
දකුණේ කෙරුවාවල් දැන් තමයි අහුවෙන්නේ