
(විමුක්ති එස් රුද්‍රිගු)
මරණයෙන් පසු ජීවයක් තිබෙන බවත් ඒ පිළිබඳව කිසිඳු සැකයක් නොමැති බවත් රෝගීන්ගේ මරණාසන්න අත්දැකීම් 5000 ක් පමණ අධ්‍යනය කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන ජෙෆ්රි ලෝන්ග් මහතා පවසා ඇත.
ජෙෆ්රි ලෝන්ග් මහතා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු මෙන්ම මරණාසන්න අත්දැකීම් පිළිබඳ පර්යේෂණ පදනමේ නිර්මාතෘවරයාද වේ.තමාගේ වෘත්තීය ජීවිතය තුළ සිදුකල අධ්‍යනයන්ගෙන් හමුවූ සාක්ෂි විමසා බැලූ විට මරණින් මතු ජීවිතයක් තිබෙන බවට තමන්ට විශ්වාස වූ බව වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් මහතා ප්‍රකාශ කර තිබේ.
තමන් අධ්‍යනය කළ රෝගීන්, එම මරණාසන්න අත්දැකීම ලද මොහොතේ මනෝකාය සිරුරෙන් වෙන්වී ඉහළ සැරිසැරූ බවත් අනතුරුව මනෝකාය වෙනත් ලෝකයකට ඇතුළු වී උමං මාර්ගයක් දිගේ ගමන් කළ බවත් එම උමං මාර්ගය අවසානයේ දීප්තිමත් එළියක් තිබූ බවත් ප්‍රකාශ කළ බව වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් මහතා පවසා ඇත.එම දීප්තිමත් එළිය අභියස මියගිය ආදරණීයයන් සිට සුබ පැතූ බවත් එම අවස්ථාවේ තමාගේ සැබෑ නිවහන තිබෙන්නේ එතැන බව තමන්ට දැනුනු බවත් එම රෝගීන් ප්‍රකාශ කළ බව වෛද්‍යවරයා පෙන්වා දී තිබේ.
COMMENTS
විකාර
භාගයවතුන් වහන්සේ මේවා විස්තර ඇතිව දේශනා කළේ අවුරුදු 2600 කට පෙර
මෙන්න අපේ කට්ටියට සෙට් වෙන බටහිර බොරු කාරයෙක්. දැන් පුලුවන් පුනරුප්පත්තිය ඇත්ත කියල බටහිර වෛද්‍යවරුන් කියනව කියල මිනිස්සු අන්දන්න.
බටහිර විද්‍යාඥයින් නොයෙක් වර මෙවැනි අදහස් ඉදිරිපත් කර ඇත. මීට අමතරව පෙර භවය පිලිබද මතකය ඇති කුඩා දරුවන් පිලිබදවද බොහෝ අධ්‍යයනයන් සිදුකර ඇත. මෑතකදී පලවූ පුවතකින් කියවුන අන්දමට තනිව මුණගැහුන අවස්ථාවලදී චතුර ලෙස හා නිවැරදිව ඉංග්‍රීසි බසින් කතාබස් කරන කුඩා දරුවන් පස්දෙනෙක් ගාලු දිස්ත්‍රික්කයේ ඈත ගමක සිටිති. අන් අය සමග සිංහලෙන් කතා කරති. එම ප්‍රවෘත්තිය අනුව මෙම දරුවන් පස්දෙනා පසුගිය භවයේ ගුවන් අනතුරකින් මියගොස් ඇතැයි සැලකේ. දේශීය පර්යේෂකයින් මේවා පිලිබද සොයා නොබලන්නේ මන්ද?
නැවත ඉපදීම ගැනත්, නැවත නැවත දුක් සහගත ලෝකවල දුක්ඛිත තත්ව වලින් ඉපදීමෙන් වන දුක නැතිකිරීම හෙවත් සදාකාලික විමුක්තිය නිවැරදිව ලබන ආකාරය ගැනත් බුදුවරයා විසින් ප්‍රකාශ කරන ලද්දේ දැනට වර්ෂ දහස් ගණනකට පෙරයි...
මේ පුද්ගලයා වෛද්‍යවරයෙක් නෙවෙයි. ඒ පුද්ගලයා විකිරණ වේදියෙක් සහ ලේඛකයෙක්. ලෝකයේ සිටිනවවා ව්‍යාජ විද්‍යාඥයන් කියලා කට්ටයික්. මෙයා මරණින් මතු ජිවිතය සම්බන්ධ පදනමක් පිහිටුවාගෙන ඒ් සම්බන්ධ ලිපි ලියමින් මුදල් එකතු කරනවා. ඒ සඳහා ඔහු පොත් පවා ලියා තිබෙනවා. ලෝකේය ඉන්නවා ව්‍යාජ විද්‍යාඥයන් (pseudoscientist) කියා කට්ටියක්. මෙයත් එහෙම කෙනෙක් කියා තමයි ලෝකයේ පර්යේෂකයන්ගේ පිළිගැනීම. මේ වගේ දේවල් වැදගත් වෙබ් අඩවියක දාන කතා නෙවෙයි.
මෙය බුදුදහමට බෙහෙවින් සමීප ය.
දැන්වත් පිලිගනීද මන්දා..
ටිකක් පිස්සු වගෙයි නේද?
වෛද්‍ය රේමන්ඩ් මූඩි බොහෝ කලකට පෙර කළ පර්යේෂණවලින් ද මෙවැනි අදහසක් පළ කර තිබුණා.
මොහු මානසික වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත යුතුව ඇත
බුදුන්වහන්සේ ද දේසනා කලේ මරණින් මතු ආත්මයක් ඇත යන්නයී
මෙය අතිශය නොමග යවන සුළු ප්‍රකාශයකි.උපතේ සිට තමන් ලද අත්දැකීම් (සංස්කාර)සහ සංඥ්ඥා මත පදනම් වන මොලය යම් දෙයක් විග්‍රහ කරන්නේ එම ගතියට සමපාතවමයි.මෙය ස්කන්ධ ගතික ආකර්ශනයයි.ස්කන්ධ හෙවත් ඇස කන නාසය ආදී ඉන්ද්‍රීයන් පුහුනු කලේ යම් වෘත්තියකට සමපාතව නම්, හෝ උගත් යම් දෙයක් තර්කයේදී බිඳ නොවැටුනේ නම් එයම ආත්මවිස්වාසය කරගෙන ඒ මත ගොඩනඟන තර්කය නිවැරදි නොවේ.එහෙත් ඔහු විසින් නැවත නැවත පෝෂනය කරනා මෙම අවස්තාව ඔහු විසින් අව්‍යාජවම පිලිගන්නේ නම්,එයම ජවන් සිතකට සමපාතවීමේ සම්භාවිතයක් ඇත.එහෙත් මරණින් මතු කිසිවෙක් කිසිවකට ඇදීයාමක් හෝ නිමේෂයක් අතොරක් නැති නිසා එය සාමාන්‍ය පෘතග්ජන මනසට ගෝචර නොවේ.ප්‍රොයිඩ් විෂ්්ලේෂන වාද මතය පදනම් කරගෙන කරන මෙම ප්‍රකාෂ අතිශය අවිද්‍රව පමනක් නොව අවිද්‍යාව තුල විද්‍යාවකි.
මා 2005 වසරේදි සිදුවූ මාරක අනතුරේදි මෙවන් අත්දැකීම් ලබපු කෙනෙක්. පරීක්ශණ වලට අනුකූලවම ඒ අත්දැකීම් සත්‍යයයි.
ඒ සත්‍ය පැවසූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ ගෞරවය සහ නමස්කාරය...!
බුද්ධං සරණං ගච්ඡාමී! බුදුන් සරණ යමි...
බෞද්ධ දර්ශණය තුළ හේතුඵල දහම මනාව පැහැදිලි කරයි. ලෝකය යනු සියළු මනුෂ්‍යාට ඇති ආයතන හෙවත් ඇස කණ නාසය දිව ශරීරය මනයි. මේ ආයතන හය ඇති ආකාරයට ගැනීම නැවත උප්පත්තියකට හේතුවේ, කිසිම දෙයක් මොහොතක්වත් නොපවතින ලෝකය තුල ආයතන හය තුලින් ගන්නා අරමුණ සිත හරහා ක්‍රියාත්මක වීමේදී තියෙන බවක් අරගෙනම මිනිසා කටයුතු කරයි. මෙය අවසාන මොහොත හෙවත් මරණාසන්න මොහොතේදී චුතියට බලපා නැවත තිස් එක් තලයෙන් කුමන තලයක හෝ ප්‍රතිසන්ධිය ලබයි, මේවා ඉතා සියුම් කාරණාය, මම මම ගැනවත් හරියට දන්නේ නැතිව බෞද්ධ දර්ශණය තුල ඇති මෙවැනි ගැඹුරු කාරණා ගැන විවේචනය කරන්නා මෝඩයෙකි. තම තමුන්ගේ ආශ්වාශ කරන පණ රැකෙන හුස්ම රැල්ල තමන්ට පේනවාද, ශරීර අභ්‍යන්තරය තුළ වෙන ක්‍රියාවල් පෙනෙනවාද, ඒවාත් ඉතා සියුම් කාරණායි. බුදු දහම ගැන හරියට දෙයක් ප්‍රත්‍යක්ෂ දැනුමකින් තොරව ගැඹුරු කාරණා කථා කිරීමම හරිම විහිළුවකි. බුදුදහම යනු මෙලොව ඇති පරම සත්‍යයේ දමයි, එයට සම කල හැකි කිසිම විද්‍යාවක් ද දර්ශණයක්ද නැත. එය ස්වභාව ධර්මයේ රිද්මය කියා දෙන දර්ශණයයි. බුදුදහම ඇත්තේම ප්‍රඤ්ඤාවන්තයින්ටමයි. බාලයන්ට නොවේ... මේ කය පවතින්නේම අප ගන්නා ආශ්වාෂ වාතයයි, ආහාරයි නිසාමයි...
බෞද්ධ දර්ශණය තුළ ඇති හේතුඵල දහම මෙවැනි කාරණා සමග දාර්ශණික විග්‍රහයක් කළ හැක.
මගේ බුදුපියාණන් වහන්සේ දේශනා කළ පුනරුත්පත්තිය මුළු ලෝකෙම දන්නවා...
මීට අවුරුදු 2600කට කලින් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒ ගැන...
අනිවාර්යෙන්ම බුදුදහමට ගහන්න ආගමක් නැහැ...
බුද්ධ ධර්මය යනු ස්වභාව ධර්මයයි...
බුදු හිමියන්ගේ දහම යනු නැවත ඉපදිම කියා දෙයක් නැති බවයි. අද බොහෝ අය හින්දු ජයින ආගම් මිථ්‍යා මත බුදුදහම කියා බදාගෙන ඉන්නවා...
බෞද්ධ දර්ශනය සහ බෞද්ධ සාහිත්‍යය පටලගන්න එපා.බෞද්ධ සාහිත්‍යය උත්සාහා කරන්නේ අසන්නාගේ හිත තුල ගෞරවය ,සහ බිය එක්කොට ඒ දෙකේ සම්ප්‍රයුක්ත අදික ශ්‍රද්ධාවක් ඇති කිරීමටයි.අපාය ,දිව්‍ය ලෝක, සෲධි ප්‍රාතිහාර්ය වගේ දේවල් බෞද්ධ සාහිත්‍ය තුලින් නිර්මාණය උන දේවල්.
මම ස්පිරිතාලේ වැඩ කරන කාලේ බුදුදහම සත්‍යතාවය වඩාත් අවබෝධ උනේ,කිසිදු වයස භේදයක් නැතුව උපන් ගමන් සිට කිසිදු උස් පහත් භේදයක නැති එකම කාමරේ මිණී කාමරේ. කුසල් වඩන්න ,දුෂ්ට නොවන්න මුදල් සාධාරණව හොයන්න,මත්පැනින් සම්පූර්ණයෙන් වලකින්න
✝️ දේව ගණ = අධික මෛත්‍රිය, උත්කෘෂ්ට ධර්මිෂ්ඨ ස්වභාවය. ලා පැහැති සමක් ඇත... ✝️ මනුෂ්‍ය ගණ = මධ්‍යම ප්‍රමාණයේ ධර්මිෂ්ඨ ස්වභාවයක් ඇත. ලා පැහැති සමක් ඇත... ✝️ රාක්ෂ ගණ = අධර්මිෂ්ඨ ගති ගුණ ඇත. ද්වේශ සහගතය. අඳුරු පැහැති සමක් ඇත...
මම නම් හිතන්නේ සතෙක් කියන්නේම එකිනෙක මත රදාපවතින ජීව ක්‍රියාවලි සමුදායක සහසම්බන්ධයක්... ඒකේ සමතුලිතතාව නැති වෙච්චි ගමන් ඒ පද්ධතිය අක්‍රීය වෙනවා. මැරෙනවා..
මේ මනුස්සයා අමු තක්කඩියෙක්. මරණාසන්න අත්දැකීම් සිදුවෙන්නේ කොහොමද කියලා වෛද විද්‍යාවෙන් සොයාගෙන අවසන්. එය මොළයට ඔක්සිජන් සැපයුම අඩාල වීමේදී ඇතිවන තත්වයක්. එය කෘතිමව පවා ඇති කරලිය හැකියි. අනික මේ යෝධයා වෛද්‍ය විශේෂඳයෙකුත් නෙවෙයි. විකිරණ කාර්මිකයෙක්. මේවගේ පච උස්සන් දුවන්න රටේ මිනිස්සුන්ගෙන් සියයට අනූවක්ම ඉතාම කැමතියි. ස්මාර්ට් ෆෝන් අතේ තිබුණාට යමක ෆැක්ට් චෙක් කරලා අවබෝධ කරගන්න තරම් විවේකයක් කාටවත් නෑ...