
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලාංකික හෙදියන් 4,000 ක් බදවා ගෙන රැගෙන යාමට සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දස දෙනෙක්ගෙන් යුතු පිරිසක් අධ්‍යයන චාරිකාවක් සදහා කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ.
වසර 20 කට පසුව සිංගප්පූරුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා පිවිසීමට ශ්‍රී ලාංකික හෙදියන්ට මෙම අවස්ථාව උදා වී ඇති බව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කම්කරු සහ සුභසාධන ප්‍රධානී නිපුන තිබ්බුටුමුණුව මහතා කටුනායක ගුවන් තොටුපළේ දී පැවසීය .
සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය නියමු ව්‍යාපෘතියක් සේ ක්‍රියාත්මක කරන මෙම අධ්‍යයන චාරිකාව තුළ දී , මෙම සිංගප්පූරු සෞඛ්‍ය නිලධාරීන් පිරිස ශ්‍රී ලංකා හෙද විදුහල , ශ්‍රී ජයවර්ධන මහ රෝහල , කොළඹ පෞද්ගලික රෝහලක් , ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ විෂයයන් පිළිබඳවෙ පර්යේෂණයක නිරත වීමට නියමිතය .
සිංගප්පූරුව තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රය එරට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති රාජ්‍ය සමාගම් මගින් ක්‍රියාත්මක වන අතර මෙසේ රැගෙන යාමට නියමිත ශ්‍රී ලාංකික හෙදියන් ද දැනට රාජ්‍ය රෝහල් තුළ සේවය කරන හෙදියන්ගෙන් තෝරා ගැනීමට නියමිතය .

2025 දෙසැම්බර් මස 18
108
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙරට හෙදියන් 4000සකට සිංගප්පූරු රැකියා වරම්
Kierthi Wednesday, 23 November 2022 08:35 AM
ඒ අයට ඉංග්‍රීසි ප්‍රශ්නයක් නැතෙයි
sharm warn Wednesday, 23 November 2022 09:27 AM
හරි සතුටු ඇති 4000ක් යවලා එන ඩොලර් ගාන ගණන් කරන්න.
nimalasiri Wednesday, 23 November 2022 01:29 PM
සින්ගප්පුරුවෙ බාසාව නොදන්න අය එහෙ ගිහින් හෙදියන් වශයෙන් සේය කරන්නෙ කොහොමද ?