IMG-LOGO

මෙරට වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය සෙලින්කෝ ලයිෆ්

ලෝකයේ ප්‍රමුඛතම ස්වාධීන සන්නාම ඇගයීමේ සමාගමක් වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ප්‍රකාශයට පත්කළ ශ්‍රී ලංකාවේ 2022 වසරේ හොඳම සන්නාම ශ්‍රේණිගත කිරීමෙහි ස්ථාන පහක් ඉදිරියට පැමිණෙමින් සෙලින්කෝ ලයිෆ් නැවත වතාවක් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සමාගම’ බවට පත්වීමට සමත්ව ඇතැයි එම සමාගම කියයි.

මෙහිදී, 2022 වසර සඳහා සෙලින්කෝ ලයිෆ් සන්නාමයේ වටිනාකම රුපියල් බිලියන 3.8 ක් යැයි බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ගණනය කර තිබෙන අතර එය 2021 වසරේදී ලබාදුන් වටිනාකමට වඩා සියයට 8.8 ක වර්ධනයකි. විශාල බැංකු, විදුලි සංදේශ සමාගම් සහ සිල්ලර වෙළඳ පොළේ දැවැන්තයන් ඇතුළත් වන මෙරට වටිනාම සන්නාම 100 තුළ සෙලින්කෝ ලයිෆ් 28 වන වඩාත්ම වටිනා පාරිභෝගික සන්නාමය බවට පත්ව තිබේ.

ඒ අතරම, සෙලින්කෝ ලයිෆ් සන්නාමයට බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ලබාදුන් AA වර්ගීකරණය මේ වසරේදී AA+ දක්වා ඉහළ දමා තිබෙන අතර එයින් පිළිබිඹු වන්නේ ඉතාමත් අඩු ණය අවධානමක් සහ මූල්‍ය වගකීම් ඉටුකිරීමට ඉහළ හැකියාවක් තිබෙන බවයි.

සෙලින්කෝ ලයිෆ් සන්නාමයේ වටිනාකම සහ ශක්තිය වෙනුවෙන් ලැබුණු නවතම ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී, තුෂාර රණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘මිලියන ගණනක ජනයාගේ අනාගත අවධානම අවම කිරීමට කැපවන සමාගමක් ලෙස අපගේ සාර්ථකත්වය ශ්‍රී ලාංකිකයන් විසින් අප කෙරෙහි තබා ඇති විශ්වාසය මත රඳා පවතිනවා. නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් වර්ගීකරණය වීම අපට ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ තුළින් වර්තමාන අභියෝගාත්මක කාලයකදී පවා අපගේ ශක්තිය විදහා දැක්වෙනවා.’  

ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තය සැලකීමේදී බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නිරීක්ෂණය කර තිබෙන්නේ සාමාන්‍ය රක්ෂණ සන්නාම වලට වඩා ජීවිත රක්ෂණ සන්නාම වැඩි වේගයකින් වර්ධනය වන බවයි. මේ අනුව, 2022 වසරේදී සමස්තයක් ලෙස ජීවිත රක්ෂණ සන්නාමවල වටිනාකම සියයට 9 කින් වර්ධනය වූ අතර සාමාන්‍ය රක්ෂණ සන්නාමවල වටිනාකම වර්ධනය වී තිබෙන්නේ සියයට 1 කින් පමණි. බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වාර්තා කර තිබෙන්නේ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ජීවිත ආරක්ෂාව පිළිබඳව ජනතාව වැඩි සැලකිල්ලක් දැක්වීම නිසා ජීවිත රක්ෂණ වාරික ආදායම් වර්ධනය වී තිබෙන බවයි.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

මෙරට වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය සෙලින්කෝ ලයිෆ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 94 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 536 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 962 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site