IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මෙරට බිළිඳුන් පිට රැටියන්ට විකිනීම ගැන විමර්ශනයක්

(නිමන්ති රණසිංහ)

දරුකමට හදාගැනීම සඳහා විදේශීය පුද්ගලයන්ට ශ්‍රී ලාංකික බිළිඳුන් අළෙවි කිරීමේ සංවිධානාත්මක කල්ලියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට අද (23) කරුණු වාර්තා කර ඇත.

මෙම මහා පරිමාණ මිනිස් ඡාවාරම සිදුකරන සංවිධානාත්ම කල්ලිය මහනුවර ප්‍රදේශයේ සිට ක්‍රියාත්මක වන බවත් ඒ සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙදාම් හා ඡාවාරම්කිරීමේ ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නෝර්වේජියානු තරුණීයක වන කේ. ප්‍රියංගිකා සමන්ති නමැත්තිය විසිනි.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

 



අදහස් (3)

මෙරට බිළිඳුන් පිට රැටියන්ට විකිනීම ගැන විමර්ශනයක්

Indhika Friday, 24 November 2023 05:01 AM

ඉතාම කණගාටු දායක පුවතක්. මේක සුළුපටු අපරාදයක් නෙවේ. අනිවාර්යයෙන් ලොකු ලොකු උන් පිටිපස්සේ ඉන්න ඕනේ. නමුත් බලන්න අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ මාද්‍ය වල හැටි. අපරාදේ අල්ලන්න කලින් පැමිණිලි කල කෙනාගේ නම එළියේ. මෙයින් ඇයගේ ජිවිතයට බලපෑම් වෙන්නත් ඉඩතියෙනවා. මිනිස්සු පැමිණිලි නොකරන්න මුලික හේතුවක් මේක.

:       0       1

Chandima Friday, 24 November 2023 10:07 AM

නොවේ රටේ ඉඳන් පැමිණිලා දාපු නිසා මිසක් ?නැතිනම් කොහෙද මේ දවස්වල අපේ රටේ කොහෙද අපනයන කර්මාන්ත නවත්වන්නේ >ආණ්ඩු බලේ රැකගන්න තමුන්ගේ අම්මා උනත් බිල්ලට දෙන උන් ආණ්ඩු කරන රටක් මේක .දැන් බලන්න යුද්ධ කටේ එලවලු හිටවන්නවත් කට්ටිය එවන්න ගිවිසුම් ගහලා ඇවිත් තියෙන්නේ .මුන් ළමයි අපනයනය වරදක් කියලා හිතනවද ?

:       0       0

Prasanna Friday, 24 November 2023 10:33 AM

ලංකාවෙන් දරුකමට හදාගත් ළමයින් ඉතා හොඳ ජීවිතයක් ගත කරනවා .මේ රටේ ඉඳලා මොන ලබ්බක් කරන්නද ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 15 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site