IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මෙරට පාස් පෝට් එකකින් ආ විදේශිකයකු ආපසු යවයි

(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුළු වීමට උත්සාහ කළ බංගලාදේශ ජාතිකයකු ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු පියවර ගත්හ.

කුවේට් රාජ්‍යයේ සිට අල් ජසීරා ගුවන් සේවයේ  ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඉන් අනතුරුව ඔහු රට තුළට ඇතුළු වීම සදහා අවශ්‍ය නිශ්කාශන කටයුතු කර ගැනීමට ගුවන් තොටුපළ ආගමන කවුළුව වෙත පැමිණ එහි රාජකාරියේ නිරත වී සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයා වෙත අවශ්‍ය අනෙකුත් ලියකියවිලි සමග ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රය ද ඉදිරිපත් කර තිබේ .

එම ගුවන් ගමන් බලපත්‍රය නිරීක්ෂණය කළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයා , එය ශ්‍රී ලාංකිකයෙකුට අයත්ව තිබී , පසුව අස්ථානගත වූ එකක් බවට කරුණු අනාවරණය කර ගැනීමට සමත් වී තිබුණි .

එහිදී ගුවන් ගමන් බලපත්‍රයෙහි ඇති ජායාරූපය කූඨ ලෙස සකස් කළ එකක් බවත් , මූලික විමර්ශනවලදීම අනාවරණය කර ගැනීමට එම දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් වී තිබුණි .

ඉන්පසුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ ප්‍රධාන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයා වෙත මෙම පුද්ගලයා යොමු කර තිබේ .

එහිදී ඔහුගේ පසුම්බිය සහ ගමන් මල්ල පරීක්ෂා කිරීමට පියවර ගත් අතර , එහිදී ඒ තුළ තිබූ කුවේට් රාජ්‍යයේ පිහිටි බංගලාදේශ තානාපති කාර්යාලය මගින් නිකුත් කළ හදුනා ගැනීමේ සහතික පත්‍රයක් සොයා ගැනීමට හැකි වී තිබුණි .

මෙම බංගලාදේශ ජාතිකයා කුවේට් රාජ්‍යයේ තැරැව්කරුවකු මගින් මෙසේ මෙරටට පැමිණීම සදහා ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කර ගෙන ඇති බවට ද කරුණු ද අනාවරණය වී තිබේ .

 



අදහස් (4)

මෙරට පාස් පෝට් එකකින් ආ විදේශිකයකු ආපසු යවයි

Senaka Sunday, 28 August 2022 06:19 PM

අපරාදේ රටට හෙන ආදරෙන් එන්න ඇත්තේ. තව ඔහොම ආපු කොච්චර නම් ලංකාවේ ඇද්ද? 2018 වාර්තාවකින් කියවුණා 18,000ක් පාකිස්තාන්, බංගලියන් ලංකාවේ ඉන්නවා හොයාගන්න බැරුව කියලා. මොවුන් ඔක්කොම හොයන්න මෙහෙයුමක් දියත් කරන්න.

:       0       14

darman Sunday, 28 August 2022 08:17 PM

පාස්පෝට් එකේ ඇඟිලි සලකුණු තියෙනවා. සාමාන්‍යයෙන් එයාපෝර්ට් එකේදී අපේ ඇඟිලි සලකුණු බලනවා. හොර පාස්පෝට් එකක් නම් එවෙලේම අහුවෙනවා. කුවේට්වල එහෙම කරන්නේ නැද්ද?

:       0       0

Perera Sunday, 28 August 2022 11:57 PM

වලපල්ලට වැටිලා තියෙන ලංකාවේ මොනවා කරන්නද මේ අය ඉන්නේ..?

:       0       0

dickie bird Monday, 29 August 2022 03:58 PM

This must be a Bangladeshi overstayer or a person wanted for a crime escaping Kuwait authorities. If he was a Sri Lankan escaping Kuwait with another SL p/p, SL ImmD could have handled.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 425 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site