
(රංජන් කස්තුරි)
මේ රට නවයොවුන් වියේ පසුවන පාසල් දරුවන්ගෙන් සියයට 15.4 ක ප්‍රමාණයක් සිය දිවි නසා ගැනීමට කල්පනා කර ඇතැයි නවතම සමීක්ෂණයකින් හෙළිවන බව සෙඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
නව යොවුන් වියේ පසුවන පාසැල් දරුවන් හෙවත් වයස අවුරුදු 13 ත් 17 ත් අතර දරුවන්ගෙන් සියයට 15.4 ක් සියදිවි නසා ගැනීමට කල්පනා කර තිබෙන අතර ඉන් සියයට 9.6 ක් සියදිවි නසා ගැනීමට උත්සාහයක නිරත වී තිබෙන බවද එම සමීක්ෂණයෙන් හෙළි වූ බවද පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය චිරන්තිකා විතාන මහත්මිය සඳහන් කළාය.
සමීක්ෂණයට භාජනය වූ එම පාසල් දරුවන්ගෙන් සියයට18 ක ප්‍රමාණයක් විශාධයෙන් පෙළෙන බවද සමීපතම මිතුරන් ඉන්නා දරුවන් ඉන්නේ සියයට 7.5 කට පමණකැයිද වෛද්‍යවරිය සඳහන් කළාය.
තවද එම පාසල් දරුවන්ගෙන් සියයට 36 කට සෞඛ්‍ය ප්‍රශ්න තිබුණද සෞඛ්‍ය සේවයේ පිහිට ලබා ගැනීමට උනන්දුවක් දක්වා ඇත්තේ සිසුන්ගෙන් සියයට 2 ක් වැනි අඩු ප්‍රතිශතයක් බවද එම සමීක්ෂණයෙන් හෙලිවූ බවද වෛද්‍යවරිය කීවාය.
තවද දුම් පානයට සියයට 5.7 ක් සිගරැට් භාවිතයට සියයට 5 ක් මත්පැන් භාවිතයට සියයට 5.3 ක් ගංජා භාවිතයට සියයට 3.1 ක් ආදී වශයෙන් යොමු වී සිටින බව එම සමීක්ෂණයෙන් හෙළි වූ බවද වෛද්‍ය චිරන්තිකා විතානගේ මහත්මය සඳහන් කළාය.
එම පාසල් දරුවන්ගෙන් සියයට 63 ක්ම පැය 8 කට වඩා අඩු නින්දක් ලබන පිරිසක් වීම කැපී පෙනෙන බව ද වෛද්‍යවරිය කීවාය.
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෙරට දරුවන් ගැන නවතම සොයාගැනීමක්
George Thursday, 27 March 2025 05:27 AM
අවධානය අඩුවීමේ අධි ක්‍රියාකාරීත්වයේ ආබාධය (ADHD) එක් හේතුවක් විය හැකිය. මන්ද එම දරුවන් පැය 8 කට වඩා අඩු කාලයක් නිදා ගන්නා බව ප්‍රවෘත්තිවල සඳහන් වන බැවිනි.
රුවන් Thursday, 27 March 2025 06:29 AM
ඕවා මොනවා ද ලංකාව තමයි පලස්තීනයට පස්සේ වැඩිම මානසික පීඩනයෙන් ඉන්න රට. හැබැයි කිසිම යුද්ධයක් නෑ. සල්ලි පස්සේ දුවනවා විතරයි. දුප්පත් රටවල නැති තත්වයක් මේක.
Aruna Manipura Thursday, 27 March 2025 06:34 AM
මෙන්න ක්ෂණික අවධානය අවශ්‍ය ජාතික ගැටළු. රටේ අනාගතය!
kam Thursday, 27 March 2025 07:17 AM
හුඟක් ඒවා එක්ක එකඟ වෙන්න පුලුවන්. ඒත් නින්ද.....? දවසට පැය 8ට වඩා අඩුයි? මේ ළමයි කියන්නේ ඇත්තද?