
(අංජුල මහික වීරරත්න)
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනයක් වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි ශ්‍රී ලංකාවේ නියොජිතයන් අතර සාකච්ඡාවක් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ සහභාගීත්වයෙන් අද (28) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි.
වර්තමාන තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලු පිළිබඳවත්, එම ගැටලු විසඳා ගනිමින් ඔවුන් වෘත්තීය දැනුමෙන් මෙන්ම මානව ගුණාංග වලින් සවිබල ගැන්වීම වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම පිළිබඳවත් ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ලෙස ලබා දිය හැකි සහයෝගය පිළිබඳවත් සාකච්ඡා කෙරුණි.
මෙහි දී ජාතික තරුණ ප්‍රතිපත්තියක් සැකසීම,වෘතීය පුහුණු පාඨමාලා නවීකරණය,තරුණ කටයුතු පිළිබදව දැනට සේවය කරමින් සිටින නිලධාරීන්ව තව දුරටත් පුහුණු කිරීම යන මූලික කරුණු තුනක් යටතේ ඉදිරියේ දී ක්‍රියාමාර්ග වලට එළැඹීමට යෝජනා විය.
මෙම අවස්ථාවට ශ්‍රි ලංකාවේ, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි සහකාර නියෝජිත, වෛද්‍ය දයන්ත රණතුංග මහතා, වැඩසටහන් සම්බන්ධීකාරක යෂාරා නතානීල් මෙනවිය, සමාජ ප්‍රතිපත්ති නිලධාරිනි පියුමාලි රණසිංහ මෙනවිය සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිළධාරීහු සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
406
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
234
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1023
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙරට තරුණ කටයුතුවලට ජනගහන අරමුදලේ සහය