IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මෙරට අත්අඩංගුවේ තිබු ට්‍රොලර් යාත්‍රා 7 ක් යළි ඉන්දියාවට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල යෙදීම හේතුවෙන් නාවික හමුදා බාරයට ගත් ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් ධීවර යාත්‍රා 7 ක් යළි ඉන්දියාවට බාරදීම සිදු කෙරිණි.

නිදහස් කරන ලද ට්‍රෝලර් ධීවර යාත්‍රා 2015, 2016 සහ 2017 වර්ෂයන් හිදී ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී නාවික හමුදාවේ අත්අඩංගුවට පත් වූ ධීවර යාත්‍රා වේ.
 
එම ට්‍රෝලර් ධීවර යාත්‍රා ත්‍රිකුණාමලය සහ යාපනය ප්‍රදේශයේ නැංගුරම් ලා තිබිණි. 

 
පසුගිය දෙසැම්බර් 13 වැනි දා ඉන්දියාවට අයත් ඉංජිනේරුවන් පිරිසක් එම යාත්‍රා අලුත්වැඩියා කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. 
 
ඒ අනුව, එම ට්‍රෝලර් ධීවර යාත්‍රාවන්හි අලුත්වැඩියාවන් සිදු කිරීමෙන් පසුව එරට බලා පිටත්වන ලද අතර, එම ට්‍රෝලර් ධීවර යාත්‍රා බාරදීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 402 වේග ප්‍රහාරක යාත්‍රාව එක් වූහ. 
 
ඒ අනුව, ඔවුන් ඊයේ (18) සන්ධ්‍යාවේ කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ ‘අමේයා’ නෞකාව වෙත බාර දීමට කටයුතු කෙරිණි.

(28535)
 
ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය

 

 

 



අදහස් (0)

මෙරට අත්අඩංගුවේ තිබු ට්‍රොලර් යාත්‍රා 7 ක් යළි ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 341 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site