IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මොරටුව අධිකරණයේ කටයුතු 1 වැනිදා තෙක් නවත්වයි


( රේඛා තරංගනනී ෆොන්සේකා)


මොරටුව අධිකරණයේ කටයුතු නොවැම්බර් මස 01වෙනිදා තෙක් තාවකාලිකව නොපැවැත්වීමටත් හදිසි අත්‍යවශ්‍ය නඩු කටයුතු සිදු කිරිමටත් මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩ පිටිය මහතාද අතිරේක මහේස්ත්‍රාත් එම්.එල්  නුවන් කෞෂල්‍ය මහතා  තීරණය කොට ඇතැයි මොරටු නීතිඥ සංගමයේ ලේකම් ප්‍රසංසා අලවත්ත මහත්මිය අද (26) පැවසීය.


 
නිතිඥ සංගමය වාචිකව සහ ලිඛිතව කරුණු දක්වමින් කරණු ලැබු ඉල්ලීමකට අනුව සාමාන්‍ය පරිදි සිදු වන අධිකරණ කටයුතු කිසිවක් සඳහා නීතිඥවරු ඉදිරිපත් නොවී සිටීමටත් පොලිසිය මගින් අධිකරණයට යොමු කරන හදිසි නඩු කටයුතු සඳහා ඉඩකඩ සලසා දීමටත් තීරණයකට ඇති බව ඒ මහත්මිය පැවසීය.
 
මොරටු අධිකරණයේ පවතින ඉඩකඩ අඩු වීම හේතුවෙන් මීටරයක පරතරය පවත්වාගෙන යෑම අසීරු බව සඳහන් කල ඒ මහත්මිය අනාරක්ෂිත භාවය  හේතුවෙන් නඩු කටයුතු වලින් සතියකට බැහැර වන්නේ යයි  මොරටු නීතිඥ සංගමයෙන් ඒකමතිකව ගනු ලැබු තීරණයකට අනුව මහේස්ත්‍රාත්වරුන් වෙත කරුණු ඉදිරිපත් කරණු ලැබු බව ලේකම්වරිය පැවසීය.
 
 මොරටුව වෙරළබඩ කලාපයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු ගැනීමට ගිය පුද්ගලයන් කොවිඩ් ආසාධිතයන් ලෙස වාර්ථා වී ඇති බවත් මොරටුවේ සැලකිය යුතු පිරිසක් නිරෝධානය සඳහා  යොමුකර ඇති සඳහන් කල එම මහත්මිය ඒ පිළිබඳ අවධානයයොමු කිරීමේදී අධිකරණ කටයුතු පවත්වාගෙන යෑමේ යම් අනාරක්ෂිත භාවයක් ඇති බව පැවසීය.

නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරනු ලැබූ කරුණු සලකා බැලූ මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩ පිටිය මහතාද අතිරේක මහේස්ත්‍රාත් එම්.එල්  නුවන් කෞෂල්‍ය යන මහත්වරු ඒකමතිකව ගනු ලැබූ තීරණයකට අනුව නොවැම්බර් මස පළවෙනිදා දක්වා අධිකරණ කටයුතු තාවකාලිකව නොපැවැත්වෙන බව තීරණය කරනු ලැබීය.


ඒ අනුව කල්තැබීමට ලක් වන සියලු නඩු දිනයන් සේවාදායකයින්ට දැකගැනීමට හැකිවනු පිණිස අධිකරණ භූමියේ ගේට්ටුවෙ ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති බවද එම මහත්මිය පැවසීය.



අදහස් (1)

මොරටුව අධිකරණයේ කටයුතු 1 වැනිදා තෙක් නවත්වයි

සමීර Monday, 26 October 2020 11:31 AM

කොහොමත් අධිකරණ පද්ධතියක් ලංකාවට ඕන වෙන්නෙ නෑ මේ යන විදියට .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 289 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 93 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 783 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site