IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මාර්ග දෙකක බස් වර්ජනයෙන් මගීහු තැලෙති

(නිමල කොඩිතුවක්කු)

මාර්ග අංක 174 කොට්ටාව - බොරැල්ල සහ මාර්ග අංක 255 කොට්ටාව- ගල්කිස්ස මාර්ගවල පෞද්ගලික බස්රථ දින තුනක් තිස්සේ වර්ජනය කිරීම හේතුවෙන් මගී ජනතාව දැඩි පීිඩාවට පත්ව සිටිති.

එම මාර්ග ආවරණය වන පරිදි සුඛෝපභෝගි බස් රථ සේවාවක් යෙදවීමට විරෝධය පළකරමින් ඉකුත් සදුදා (19) සිට මෙම වර්ජනය ක්‍රියාත්මක කරනු ලැබීය.

බස් සංගම් දැනුවත් කිරීමකින් තොරව මෙම සුඛෝපභෝගි බස් රථ යෙදවීමට රජය පියවර ගෙන ඇති බව වර්ජනයේ නියුතු එම බස් රථ සේවකයෝ චෝදනා කරති.

මේ හේතුවෙන් පාසල් ළමුන්, කාර්යාල සේවකයන් අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් ගන්නා මගීන් ඇතුලු විශාල පිරිසක් පීඩාවට පත්ව සිටිති. කෙසේවෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඇතුලු ප්‍රධාන පෙළේ බස් රථ සංගම් මෙම බස් වර්ජනය සඳහා සහයෝගය පල කර නොමැති බවත් එම නියෝජිතයෝ පවසති.

මේ සම්බන්ධයෙන් කළ විමසිමකදී බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා සඳහන් කළේ නිසි ටෙන්ඩර් ක්‍රමවේදයක් යටතේ මගි ජනතාවගේ පහසුව වෙනුවෙන් මෙම බස් රථ සේවාව යොදවා ඇති බවයි.

කිසිදු හේතුවක් මත මෙම සුඛෝගභෝගී බස් රථ සේවාව ඉවත් නොකරන බවත් බස් රථ වර්ජනය අඛණ්ඩව පැවතියහොත් එම බස් රථ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

 



අදහස් (4)

මාර්ග දෙකක බස් වර්ජනයෙන් මගීහු තැලෙති

Asiri Suranga Wednesday, 21 June 2023 09:44 PM

මිනිස්සු කීයක් හරි වැඩියෙන් දීලා AC බස් එකක යනවට මුන් විරුද්ධයි. මුන්ගේ අර ලොරි බස්වල පොල් පැටෙව්වා වගේ මිනිස්සු අරන් යන්න තමා හදන්නේ. 174 බස් එකට නැග්ගම හෝල්ට් එකෙන් බැහැගන්න බෑ

:       0       3

Bamunuarachchi Thursday, 22 June 2023 01:07 AM

කොට්ටාව බොරැල්ලට මොන සුඛෝප බෝගී බස්ද බොලව්. මම හැමදාම කලල්ගොඩ බොරැල්ලට යනවා. .Avoid rush hours traveling කියලා ඒකාලේ ආපු තට්ටු දෙකේ බස් වල තිබුන උපදෙස අනුගමනය කරන නිසා. බස් වල කිසිම අඩුපාඩුවක් දකින්නේ නැහැ. සුඛෝපබෝගී බස් මොන බම්බුවකාටද කොට්ටාවේ සිට බොරැල්ලට යන්න. සුඛෝපබෝගී බස් දාන්න කියන්න අපි නොගියාම උන් අකුලා ගනීවි.

:       2       1

Samitha Senadhi Wijesiriwardhana. Thursday, 22 June 2023 07:17 AM

මහජනයාට වැඩි මුදලක් ගෙවා සැපපහසු ලෙස ගමන් බිමන් යන්න තමයි මේ සුඛෝපභෝගී බස් රථ සේවයක් ඇතිකොට තියෙන්නේ.එය මඟී ජනතාවගේ අයිතියක්. ඒ අයිතියට බාධා කිරීමට හා බලපෑම් එල්ල කිරීමට බස් කරුවන්ට කිසිසේත් නොහැකියි.බස් කරුවන් මේ කියන්නේ,එම සැපපහසු බස්වල නොගිහින් ඔවුන්ගේ බස්වල තැලී පොඩිවී ගමන් බිමන් යන්න කියාද ? පොඩි ළමයෙකුට හෝ තරම් කල්පනා ශක්තියක් නැති මේ මිනිසුන් මෙසේ දඩබ්බර වී දඟලන්නේ ප්‍රවාහන අමාත්‍ය වරයාගේ හා අදාළ නිලධාරීන්ගේ නෝන්ජල් කම නිසාවෙන් බව පෙනේ.බස් කරුවන් වර්ජනය කිරීම ඔවුන්ගේ අයිතියක් වුවත්,ඒවායේ මුදල් ගෙවා යන මගීන් විඳිනා දුක වෙනුවෙන් කිසියම් පියවරක් ගැනීමේ බලය වගකිව යුතු අංශ වලට ඇත.ඒත් ඔවුන් බස් කරුවන්ට දැඩි බියක් දක්වන බව පෙනේ.ඒ නිසා මහමඟ මඟී ජනතාව දැඩි දුක් පීඩා විඳිති.

:       0       6

ලක්මාල් Thursday, 22 June 2023 07:25 AM

ලෝකයේ නොදියුණුම ප්‍රාථමිකම පොදු ප්‍රවාහන සේවය අපිට ලැබිල තියෙන්නෙ මේ මැරයො නිසයි. වායුසමීකරනය කල බස් රථයක් කියන්නෙ අද කාලෙ හැටියට මිනිස්සුන්ට ලැබෙන්න ඕන මූලික දෙයක්. කරැණාකර මේ බල්ලන් බැද දමන්න.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site