
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම බොකළගම ප්‍රදේශයේ තිබූ පක්ෂ කාර්යාල දෙකකට හා දිවුලපිටිය කිතුල්වල ප්‍රදේශයේ පක්ෂ කාර්යාලයකට ගිනි තබා අලාබහානි කර ඇතැයි පල්ලේවෙල පොලිසිය කියයි .
කිතුල්වල ගිනිදම්මමන හන්දියේ පිහිටි පක්ෂ කාර්යාලයක නාම පුවරු වල තැනින් තැනට ගින්නෙන් හානි වී ඇති අතර ඊට කිලෝ මීටර් එක හමාරක් පමණ දුරින් පිහිටි හීදිවල ගම්මානයේ කාර්යලයක ද නාමපුවරු සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී ඇත .
එම ස්ථානයට මීට දෙසීයක් පමණ දුරින් පිහිටි තවත් අපෙක්සකයකුගේ කාර්යාලයේ නාම පුවරුවල තැනින් තැන ගිනි තබා හානි කර තිබෙනු දක්නට ලැබිණි
හීදිවල ප්‍රදේශයේ ගිනි තබා තිබූ ස්ථාන දෙක අසල අත් අකුරින් ලියූ පෝස්ටර් කිහිපයක් දමා ගොස් පොලිසියට හමු වී ඇති අතර ඒවා පොලිස් පරීක්‍ෂණ නොමඟ යැවීමට කළ උත්සාහයක් බවට පොලිසිය සැක කරයි .
එක් කාර්යාලය අසල වැටී තිබූ ගිනි පෙට්ටියක් ද පොලිස් භාරයට ගෙන තිබේ .

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.