IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මීරිගමින් ගිනි අවි කම්හලක් මතුවේ

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කම්මලක් පවත්වාගෙන යන මුවාවෙන් ගල් කටස්, විවිධ අන්දමේ ගිනි අවි, උණ්ඩ, පතුරොම්, ආදිය නිෂ්පාදනය කරමින් විකිනීමේ හා කුලියට දීමේ යෙදුනු බව කියන පිය පුතු දෙපලක් එසේ සැකසූ ගිනි අවි හා උණ්ඩ ඇතුළු දේපල රැසක් සමග අද කල්එළිය ඩන්කන් මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වසර කීහිපයක් තිස්සේ විවිධ රටවල රැකියාවන්හි යෙදී සිට යලි මෙරටට පැමිණ මෙම ව්‍යාපාරයේ යෙදුනු බව කියන පිය පුතු දෙපළකි.

බස්නාහිර පළාත් බුද්ධි කොටඨාසයේ පොලිස් සැරයන් 46492 ප්‍රදීප් යන නිලධාරීයාට ලැබුනු තොරතුරක් අනුව කළ වැටලීමකදී මෙම ගිනි අවි ඇතුළු කොටස් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

ගල්කටස් අවි දෙකක්, තුවක්කු බදවල් දෙකක්, කොටස් ගලවා වෙන් කරන ලද වායු රයිපල් දෙකක්, විවිධ අන්දමේ ගිනි අවිවල කොටස් රැසක්, ඊයම් කුට්ටි, ඊයම් බෝල, ඊයම් බෝල සැකසීමට යොදා ගත් උපකරණයක්, එසේ සකසා ගත් ඊයම් බෝල පුරවා සැකසූ එස්. ජී. වර්ගයේ උණ්ඩ, පිරිවීම සදහා යොදා ගන්නා බව කියන හිස් පතරොම් කොපු හා පිහියා කිහිපයක්ද මෙසේ අත්අඩංගුවට ගත් දේපල අතරවේ. මේවා නිපදවීමට උපයෝගි කරගත් උපකරණ ආදියද පොලිස් බාරයට ගැනීමට කටයුතු කර තිබිනි.



අදහස් (0)

මීරිගමින් ගිනි අවි කම්හලක් මතුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site