IMG-LOGO

මැයි 09 ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ රාජපක්ෂලා ගැන පරීක්ෂණ කෝ?

(නිමල කොඩිතුවක්කු)

පසුගිය මැයි නව වැනිදා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය අතට ගෙන කටයුතු කළ රාජපක්ෂලාට සහ එම මැර කණ්ඩායම් වලට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේදැයි තමන් ප්‍රශ්න කර සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

ඒ වෙනුවට ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ දමිතා අබේරත්න වැනි කලා ශිල්පිනීයන්, තරුණ තරුණියන් අත්අඩංගුවට ගනිමින් රාජ්‍ය  මිලේච්ඡත්වය ප්‍රදර්ශනය කිරීම බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

එවැනි ප්‍රචණ්ඩත්වයකට කිසිසේත් ඉඩදිය නොහැකි යැයිද වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක් බැලීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්  ඔහු මේ බව පැවසීය.

තම තමන් විශ්වාස කරන ප්‍රජාතන්ත්‍රවාදී මතයක් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය ආණ්ඩුවකට හෝ කිසිවකුට උල්ලංඝනය කිරීමට නොහැකි බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට කිසිසේත්ම ඉඩ දිය නොහැකි බවත් ඒ වෙනුවෙන් විපක්ෂය කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කීවේය.



අදහස් (11)

මැයි 09 ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ රාජපක්ෂලා ගැන පරීක්ෂණ කෝ?

mp Sunday, 11 September 2022 03:46 PM

ඔබ ඒ පිළිබඳව නිරන්තරව සොයා බැලිය යුතුයි. පසුගියදා පාර්ලිමේන්තුවේදී ඔබ සමග වාද කළ එක් මන්ත්‍රීවරයෙකු කීවා වැරදි කළා නම් දඬුවම් විඳිය යුතු බවයි. එසේ නම් ඔවුන්ද මේ රටට සහ මිනිසුන්ට කළ බලවත් අපරාධයට දඬුවම් විඳිය යුතුයි. ඔන්චිල්ලාව දෙපැත්තටම යා යුතුයි. ඒ පිළිබඳව මතක් කර දෙන්න.

:       5       26

83 කළු ජූලිSunday, 11 September 2022 06:57 PM

එතකොට අනුර කුමාර මහත්තයා මෙහෙම කීවොත්..." 83 විජේවීර ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ ප්‍රේමදාසලා ගැන පරීක්‍ෂණ කෝ " කියලා..!!

:       4       19

PereraMonday, 12 September 2022 08:24 AM

අනුර කුමාර එහෙම කිව්වොත් සිද්ධීන් දෙකේම වගකිවයුතු සියල්ලන්ම පාට, පක්ෂ භේද නොතකා දඬුවම් දිය යුතුයි.

:       0       0

සුද්දාMonday, 12 September 2022 12:56 PM

පසුගිය යහ පාලන කාලයේ රෝහණ විජේවීර ගේ බිරිද විජේවීරගේ මරණය සම්බන්ධව පරීක්ෂණයක් ඉල්ලපු වෙලාවෙ අනුර කුමාරලා මග ඇරියා ඒක නිසා දැන් අනුර කුමාර ආපහු පාරක් ඔය භීෂණය ගැන හොයන්න කියන්නේ නෑ. දැන් ජේවීපී එකේ ඉන්නවට 87 අසු නමය කට්ටිය ජීවිතය දීපු ඒවා ගැන වැඩක් නෑ මොකද ඔවුන් දැන් යන්නේ ටයි කෝට් ඇඳගත්ත වෙනම පාරක. 2010 කාලයේ අනුරගේ ෆොටෝ බලන්න.

:       0       2

චතුරි Sunday, 11 September 2022 05:14 PM

ඔහොම කියලා හරියන්නේ නැහැ. ඕක කියමනක් විතරයි. ජනතාවත් සමග පාරට බහින්න මැද මූලනේ ගෙදර වටලන්න ලොකු කට්ටිය බයයි.. ලැජ්ජයි අත්අඩංගුවට ගන්න. උසස්වීම් ගත්තු කට්ටිය, පගා ගත්තු කට්ටිය, නූගත් දරුවන්ට සහතික සමග රැකියා ගත්තු අය... ඔය වගේ... දොල පිදෙනිකාරයින් තමයි... නීතිය ක්‍රියාත්මක කරන්න බැරි ඒකයි... කාලකන්නි මුළු පවුලම අත්අඩංගුවට ගන්නකම්... ජනතාවත් සමග පාරට බහින්න. රටදියුණු කරලා වැඩක් නැහැ. දැන් මේ ඇමැති පට්ටම් ගත්තු අය සේරම එකතුවෙලා පොහොට්ටුව ගේනවා. ඒ කියන්නේ නාමල් බේබි තමයි. නායකයා රනිල්ට යනඑන මන් නැතිවෙනවා. සේරම කපුටන්, මයිනන් කොටන්න ගන්නවා. එහෙම දෙයක් වෙන්න කලින් මේ පවුල කුඩු කරන්න ඕනෑ..

:       0       0

පර-ගැති Sunday, 11 September 2022 05:33 PM

හා..! එහෙම නම් කියන්නකො බලන්න ඔයාගේ සහෝදරිත් කරපු දේ රටටම...! ඒවගේම දමිතා... හිරුණිකා ඒ දිනවල නටපු හර්තාල...! ලැජ්ජයි හලෝ ඔයා විපක්‍ෂ නායකයකු හැටියට කියන කතා...රට මේ වැටිලා තියෙන වෙලාවේ...! ඔවා දෙනු පර-ගැතියට තමා සම්මුතිය පිහිටා සිට...!

:       29       24

SudsaSunday, 11 September 2022 08:32 PM

මේගොල්ලන්ගේ ඔක්කොම යාළුවෝ මල්ලී. සජිත්ගේ නංගි රටෙන් පිට යනකම් ඔක්කොම සද්ද නෑ. සජිත්වත් නංගි 5000 කොළ මිටි ගෙනා එකවත් රනිල්ගෙ ගේ ගාව හිටි එක ගැනවත් නංගි රටෙන් ගිය එක ගැනවත් කතා නෑ. ඉතින් අපිද ඕවා ගැන අන්තිමට කතා කරන්නේ.

:       0       3

DineshMonday, 12 September 2022 08:46 AM

ඔය කියන්නේ නීතිය ක්‍රියත්මක කරන්න එපා කියලා නේද?

:       0       4

බත් බැලයෙක් දුටිමි Monday, 12 September 2022 08:55 AM

හොරු ටික එකතුවෙලා රට බංකොලොත් කරාට පස්සේ , රටේ මිනිස්සු පාරට බහින්නේ නැතිව , පින් බත්බැලයෝ වගේ හැම දේම විඳ දරාගෙන හැමෝටම ඉන්නද කියන්නේ ?

:       3       7

ගමේ එකාලාMonday, 12 September 2022 12:58 PM

දූෂිත පවුල් පාලනේ රටට කරපු විනාසේ තරම නොපෙනෙන මොලේ උඩ ඉන්න වහලෙක් වගේ.. ජනතාවගේ ඡන්දෙන් බලයට ඇවිත් ජනතාව මහපාරට ඇදලා දාපු, රට හිඟමනට පත්කරපු දූෂිත රාජපක්ෂලා හරි නම් ඉන්න ඕනේ හිරේ...!

:       2       1

විපරමා Sunday, 11 September 2022 06:40 PM

මොන පරීක්ෂණ ද? රාජපක්ෂලාට පින්සිද්ද වෙන්ඩ පින් ජනපති වෙච්චි රනිල් එයාලව හොන්දින් බලාගෙන ආරක්ෂාව සපයනවා ඇති .

:       14       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 529 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site