
(අංජුල මහික වීරරත්න)
ලෝක කම්කරු දිනය සමරමින් ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ මෙවර මැයි දිනය හෙට (1) උත්කර්ෂවත් අයුරින් සැමරීම සඳහා සූදානම් වෙයි.
ඉදිරියේ එන ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ සඳහා ජන බලය පෙන්වීමට මැයි දිනය ඉතා හොඳ අවස්ථාවක් වන හෙයින් එකිනෙකාට නොදෙවෙනි අයුරින් මැයි දින සැමරුම් පැවැත්වීමට දේශපාලන පක්ෂ සූදානම් වෙමින් සිටී.
රට පුරාම මැයි රැළි 40ක් පැවැත්වෙන අතර කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මැයි රැලි 14ක් පමණ පැවැත්වෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය කොළඹ මාලිගාවත්ත පොලිසිය අසල මාර්ගයේදී පැවැත්වෙන අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජන බලවේගයේ මැයි දින රැළිය කොළඹ චැතම් වීදියේ දී පැවැත්වේ.
ජාතික ජන බලවේගය මෙවර මැයි දින රැළි හතරක් පවත්වන අතර එහි නායක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කන්නන්ගර මාවතේදී ජාජබ කොළඹ මැයි රැලිය පැවැත්වේ. මාතර,අනුරාධපුර සහ යාපනයේදී ජාතික ජන බලවේගයේ සෙසු මැයි රැලි පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එක්සත් සමාජවාදී පක්ෂය ග්‍රෑන්ඩ්පාස් හිදී මැයි රැලිය පවත්වයි.
මෙවර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි රැළිය පැවැත්වෙන්නේ කොළඹ හයිඩ් පිටියේදීය.ස්වාධීන ඒකාබද්ධ වෘත්තීය සමිති කොළඹ විහාර මහා දේවී උද්‍යානය ආශ්‍රිත භූමියේදී මැයි රැලිය පවත්වයි.
මැයි දිනයට දින තුනකට පමණ කලින් සිට බොහෝ දේශපාලන පක්ෂ මාර්ග හරස් කොට දැවැන්ත වේදික ඉදිකරන අයුරු දැකගන්නට හැකි අතර ඇතැම් දේශපාලන පක්ෂ ලක්ෂයකට ආසන්න සෙනඟක් කොළඹට ගෙන්වන බවට නිවේදනය කර ඇත.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැයි රැලියට සියල්ල සූදානමින්
Indika Tuesday, 30 April 2024 01:02 PM
එච්චරයි අඩු රටට