IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මියන්මාරයේ සිර වූ 20ක් මුදා ගැනේ

විමුක්ති එස් රුද්‍රිගු

මිනිස් ජාවාරම්කරුවන්ට හසුවී මියන්මාරයේ පරිගණක අපරාධ බහුලව සිදුවන ප්‍රදේශයක සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 54 දෙනාගෙන් 20 දෙනකු මුදා ගැනීමට හැකියාව ලැබුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

මියන්මාර රජයෙන් සහ අසල්වැසි රටවලින් විදේශ කටයුතු අමාත්‍යාංශය දිගින් දිගට කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස වහල් කඳවුරක සිරවී සිටි ලාංකිකයන් 20 දෙනා මුදා ගැනීමට සමත් වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

මුදාගත් ලාංකිකයන් 20 දෙනා ආරක්ෂිතව පෙරේදා (14) තායිලන්තයේ මේසොට් නගරය වෙත පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

තායිලන්තය ශ්‍රී ලංකා තානාපතිනි විජයන්ති එදිරිසිංහ මුදාගත් ශ්‍රී ලාංකිකයන් 20 දෙනා මේසොට් නගරයේදී මුණ ගැසී ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

තායිලන්ත බලධාරීන් එම ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය කන්සියුලර් සහාය ලබා දෙන බවත් ඔවුන් සියලු දෙනා හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය. ඔවුන් ශ්‍රී ලංකාවට එවීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා බැංකොක්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තායිලන්ත බලධාරීහු සමග සම්බන්ධීකරණය කරන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඉතිරි ශ්‍රී ලාංකිකයන් 34 දෙනා මුදා ගැනීම සඳහා මියන්මාර තානාපති කාර්යාලය සමග සම්බන්ධ වී කටයුතු කරන බවත් සංචාරක වීසා මත විදේශ රැකියා සඳහා නොයන්න යැයි ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

 

 



අදහස් (0)

මියන්මාරයේ සිර වූ 20ක් මුදා ගැනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site