IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මියන්මාරයේ සිර දඬුවම් විදි ලාංකිකයන් 15කට නිදහස

(විමුක්ති එස් රුද්‍රිගු)

මියන්මාර මුහුදු සීමාව තුළදී අත් අඩංගුවට ගෙන වසර 7 ක බරපතළ සිර දඬුවම් ලැබ සිටි ශ්‍රී ලාංකික ධීවරයන් 15 දෙනා ඊයේ (16) පැවති මියන්මාර නව අවුරුදු උත්සවය වෙනුවෙන් සිදුකල සමාව දානය කිරීමේදී නිදහස් කර ගැනීමට හැකි වූ බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

මෙම ශ්‍රී ලාංකියයන් නිදහස් කරගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ උපදෙස් මත මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කීපවතාවක්ම මියන්මාර හමුදා රජයෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළ බව තානාපති ජානක බණ්ඩාර මහතා පැවැසුවේය.මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මියන්මාරයේ රාජ්‍ය නායක ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින් ආවුන්ග් ලායින්ග් පසුගිය මාර්තු 4 වැනිදා මුණ ගැසුණු අවස්ථාවේ එම ශ්‍රී ලාංකිකයන් 15 දෙනා නිදහස් කර ගැනීම සඳහා පුද්ගලිකව ඉල්ලීමක් කළ බවත් තානාපති ජානක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ඉහත උත්සාහයන් සියල්ලගේම ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකිකයන් 15 දෙනා මුදා ගැනීමට හැකියාව ලැබුණු බවත් ඉදිරියේදී එම ශ්‍රී ලාංකිකයන් මෙරටට එවීමට කටයුතු කරන බවත් තානාපතිවරයා පැවැසුවේය.

මියන්මාර මුහුදු සීමාවට නීති විරෝධිව ඇතුළු වීම හේතුවෙන් රයන් පුතා සහ ලෝරන්ස් ධීවර නෞකා දෙක සහ එහි සිටි ධීවරයන් 15 දෙනා මියන්මාර බලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවේය.පසුව එම ධීවරයන් වරද පිළිගැනීම හේතුවෙන් වසර 7 බරපතළ වැඩ සහිත සිර දඬුවමක් එම ධීවරයන්ට නියම විය.



අදහස් (0)

මියන්මාරයේ සිර දඬුවම් විදි ලාංකිකයන් 15කට නිදහස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site