(සුජිත් හේවාජුලිගේ )
අමාත්‍යාංශයට යළි යෑමට බලාපොරොත්තුවක් නැතැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පැවසීය.
ජනාධිපතිවරයා හමුවීමෙන් පසු පවතින තත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන බවද හෙතෙම සඳහන් කළේය.
විවිධ හේතු මත තමා සිටින්නේ දැඩි කලකිරීමක බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මේ ප්‍රශ්න සැලකිල්ලට ගෙන තමා අමාත්‍යාංශයෙන් බඩුමුට්ටු පවා ඉවත් කරගත් බවද ප්‍රකාශ කළේය.
රාජ්‍ය අමාත්‍යාංශයට මෙවර අය වැයෙන් ලැබුණු බිලියන 10 ක මුදල් ග්‍රාමීය මාර්ග ඉදිකිරීම සඳහා මුදා හැරීමට එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලදැයි කියන සිද්ධියක් නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයාගේ කළකිරීමට හේතුව බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.
එසේම නිමල් ලංසා මහතා ග්‍රාමීය මාර්ග ලක්ෂයක් ඉදිකිරීමේ වැඩ පිළිවෙළින් ඉවත් කිරීමද ඔහුගේ කලකිරීමට තවත් හේතුවක් බව දැනගන්නට ඇත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
‘මම අමාත්‍යාංශයට නැවත යන්නේ නෑ‘
ජගත් ලියනගේ Friday, 18 February 2022 03:09 PM
යන්න එපා... පරණ බිස්නස් එක කරගෙන ඉන්න...
sharm warn Friday, 18 February 2022 03:10 PM
යන්නේ නැහැ...? අනේ අපිට පාන්...! මෙයා නොගියා කියලා රටට ලොකු පාඩුවක් වෙයි. වැඩ ඔක්කොම නැවතිලා... හරි ලොකු වැඩ කළා වගේ පවු...!
ජිම් වයිරවනාදන් Friday, 18 February 2022 03:11 PM
ලංසා දෙමළ හින්දාද මෙහෙම කෙනෙහිලිකම් එයාට කරන්නේ...?
sharm warnFriday, 18 February 2022 04:18 PM
අපොයි නැහැ... දෙමළ කියා කියාගන්න කාටවත් ලංකාවේ ඔයා හිතන කරදරයක් නැහැ. මහබැංකුවේ අධිපතිකමට මේ දෙමළ කතාකරන කී දෙනෙක් පත්වුණාද? නීතිපති වෙන්න පුළුවන් නම්. තව ආයතනවල මුල් පුටුවලට එන්න පුළුවන් නම් ඔක්කොටෝම වඩා ලංකාවේ අස්සක්, මුල්ලක් නැතුව හැම පළාතෙම පදිංචි වෙන්න එයාලාට පුළුවන් නම් කොහොමද කියන්නේ දෙමළ කියලා, කෙණෙහිලිකම් කරනවා කියලා...? දේශපාලකයෝ වගේ කතා කරන්න එපා. මිනිස්සු වගේ කතාකරන්න...
Prabha Friday, 18 February 2022 04:59 PM
මගුලක් කියනවා... ලේකම් නිසා හිතේ හැටියට හොරාකන්න නැතුවයි මේ අඬන්නේ..!
Lalith M Friday, 18 February 2022 05:01 PM
දෙමළ බව නම් අපි දන්නේ නෑ. වෙන මොනවද නරක වැඩ කරන බව නම් ආරංචියි...
පැරකුම්Friday, 18 February 2022 07:19 PM
ජිම්, ඔබට වැරදිලා. මෙයා අපේ රජ පවුලේ ආදිතමයින්ගෙන් පැවත එන්නෙක්... ලොක්කා මෙයා බේරගන්නවා නොඅනුමානයි.
මී ගවයා නොහොත් තොරටියා Friday, 18 February 2022 03:11 PM
පාරවල් වලින් කන්න නැති වුණු නිසා දුක ඇති...
Ruhunu Friday, 18 February 2022 03:21 PM
පරණ බිස්නස් එකම කරගෙන ඉන්න එක හොඳයි කියලා හිතුණාද දන්නේ නැහැ.
Don perea Friday, 18 February 2022 03:48 PM
මෙයාට හොඳ බිස්නස් මීගමුවේ හැමතැනම තියෙනවා...
Pradeep Kumara Friday, 18 February 2022 04:00 PM
නොගියා කියලා රටට පාඩු වෙයි. මෙතෙක් කල් කරපු දේකුත් නෑනේ... තමන්ගේ බිස්නස් මිසක්...!
ravin Friday, 18 February 2022 04:29 PM
ආරංචියි..! ආරංචියි..! මෙයාට ඉහළින් ඉන්න එක්කෙනා හතරවරම් ගහලාලු... ගසාකන්න විදිහක් නැතිව කළකිරිලාලු... හෙළිකොප්ටරයෙන් ඇවිල්ලා බලා යනකල්ලු ඉන්නේ.
Ran Friday, 18 February 2022 06:16 PM
තවම හෙලිකොප්ටරයෙන් කවුරුවත් ආවේ නෑනේ. මොකද්ද අවුල...? මෙයාගේ පළාතේම තව රාජ්‍ය අමාත්‍ය කෙනෙක් දුරකථනයෙන් කතාකරලා මෙහෙම කියනවා. දැන් අන්තර් ජාලයේ සංසරණය වෙනවා උණු කැවුම් වගේ. උපුටාගැනීම " මගේ ආසනේ පාරවල් අපේ පාරවල් නවත්වලා පාරවල් හදන එක නැවැත්තුවේ නැත්තන් මම මාධ්‍ය සාකච්ඡාවක් තියලා කුඩු පට්ටම් වෙන්න ගහනවා. මම ඔබට ආයේ කියන්නේ නෑ මතක තියාගන්න. මම කියන එක අහගෙන ඉන්න බෑනේ. හෙට පාරකට මුල්ගල තියනවා. පුළුවන් නම් නවත්තපන්. එහෙම කළොත් මාධ්‍ය සාකච්ඡාවක් තියලා ගහනවා. මතක තියාගන්න. මම ආයේ කියන්නේ නෑ." උපුටාගැනීම අවසන්.
Bishan Friday, 18 February 2022 07:16 PM
ඔක්කොම සල්ලි රාජපක්ෂලාගේ වැඩවලට දෙන්න. හදන හැම බෝක්කුවක්, කණුවක් ගානේ රාජපක්ෂ කෙනෙක් දාන්න. මේ රටේ නමත් රාජපක්ෂ ලන්තය කියලා වෙනස් කරන්න...
Shan Saturday, 19 February 2022 01:52 AM
මේ අයට ඡන්දෙ දීපු අය ඔළු අතගාලා බලන්න අං තිබෙනවද කියලා...!
කූල් පොඩ්ඩා Saturday, 19 February 2022 02:12 PM
පුළුවන් නම් පාර්ලිමේන්තුත් නොගිහින් ඉන්නකෝ ඉතින්...!