IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මාමයි බෑණයි අන්තර්ජාලය බලා ගිනි අවි නිපදවලා

(සුමිත් පොතුපිටිය)

යූ ටියුබ් නරඹා ගිනි අවි නිදපවූ පුද්ගලයන් දෙදෙනකු  අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය සීතදොල ප්‍රදේශයේ පදිංචි 41 සහ 21 හැව්රිදි පුද්ගලයන් දෙදෙනකු බවත් ඔවුන් නෑකමට මාමා සහ බෑනා වන බවත් පොලිසිය කීය.

සැකකරුවන් සන්තකයේ තිබී ටී 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්, අඩි පහක් පමණ දිග ගිනි අවියක් , ටී 56 ගිනි අවියට යොදන උණ්ඩයක්, ගිනිඅවි නිපදවීමට යොදාගත් ග්‍රයින්ඩර් දෙකක් සහ ග්‍රිල් එකක් සොයාගත් බව පොලිසිය කීය.

සැකකරුවන් මෙම ගිනිඅවි භාවිතා කරමින් කිසියම් අපරාධ සිදුකර ඇද්ද යන්න සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලිසිය සදහන් කරයි.

 



අදහස් (8)

මාමයි බෑණයි අන්තර්ජාලය බලා ගිනි අවි නිපදවලා

SUNIL MILANO Tuesday, 20 June 2023 08:00 PM

මේ දෙදෙනා කර ඇත්තේ නීතියෙන් ගැලවීමට බැරි දරුණු වරදක් .ඒත් මොවුන්ගේ දක්ෂ කමින් ප්‍රයෝජනයක් ගත හැකිනම් රටට විශාල සහනයක් වේවි

:       1       5

Chathuranga Tuesday, 20 June 2023 10:49 PM

අම්මෝ.පොලිසිය පුදුම වීරක්‍රියාවක් කරල වගේ ඉන්නෙ..ලැජ්ජයි.

:       1       3

de silva berlin Tuesday, 20 June 2023 11:43 PM

දැන් සමහරු මේ දෙන්නා නව නිපැයුම් සොයා ගත්ත තත්වය දෙදෙනෙකු ලෙස සලකලා කමෙන්ට් කරාවි .නමුත් මුලින්ම කියන්න ඕනේ මේක නීති විරෝධී වැඩක් බව .අද යූ ටියුබ් එක බලලා යකඩ වැඩ ගැන සාමානය දැනුමක් ඇති ඕනෙම වෑල්ඩින් බාස් කෙනෙකුට ගිනි අවි නිපදවන්න පුළුවන් .මේක විෂම කර්ම වැඩක් නොවේ

:       3       1

[email protected] Wednesday, 21 June 2023 12:07 AM

මේ අයට බැබලෙන්න අවස්ථාවක් දෙමු!!!

:       1       0

Lalla Wednesday, 21 June 2023 07:32 AM

අති දක්ෂ අය. ඔවුන්ට උදව්ව දීල වැඩ ගන්න. හිරේ දාන්නේ ඇයි.. ආයුධ අලුත්වැඩියාව සඳහා සහ නව අවි නිපැයුම සඳහා යොදාගෙන වැඩ ගන්න...... රටේ අවාසනාව.නිර්මාණශීලිත්වයට තැන නෑ..

:       2       3

චින්තක Wednesday, 21 June 2023 10:46 AM

සහතික ඇත්ත මෙහෙම අයව ආරක්ෂක අංශයට බඳවාගෙන විනිමය ඉතිරි කරන්න කාගේවත් කැමැත්තක් නැද්ද?

:       3       3

Bamunuarachchi Thursday, 22 June 2023 04:34 AM

සද්ද නොකර වැඩේ කොරන්නේ නැතුව අඬබෙර ගගහ කොරන්න ගිහාම ඔහොම වෙනවා. එහෙම නැතිනම් පොලිස්සිය දැනගන්නේ කොහොමද? මේ වගේ වැඩකදී අම්මා තාත්තා වත් විස්වාස කරන්න එපා.

:       0       0

Bunny Preena Thursday, 22 June 2023 12:09 PM

නිර්මානවලට අතීත දෙනවාය කියන්නෙ හම්බවෙන කොමිස් මුදලට තට්ටු වෙනවා කියන එකනෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site