IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මිනී මරා සැඟවෙන්න බැරි වේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ නිවසකට කඩා වැදි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මීගොඩ ගොඩගම නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව වෙඩි තැබීමට භාවිතා කරන ලද ටි 56 වර්ගයේ ගිනි අවියක් සහ එම සජීවී පතරම් 15 කළුතර පළාතොට සූසාන භූමියක සඟවා තිබීයදි සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් එම සැකකරු විදේශ රටක සිට මෙරට සංවිධානාත්මක අපරාධ මෙහෙයුණු ලබන අපරාධකරුගේ සමීපතමයකු බවට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

ඉකුත් මස 20 වෙනිදින රාත්‍රියේදී කළුතර දකුණ කටුකුරුන්ද දුම්රිය පොල පාරේ නිවසක සිය දරු තිදෙනා සමග රාත්‍රී ආහාර ගනිමින් සිටි අසුරුමුණි තස්මින් මදුවන්ත සිල්වා නොහොත් කලමුල්ලේ ටශි (38) යන අයට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර තිබිණි.

එම සිද්ධියෙන් අනතුරුව සැකකරු ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සමීප ඥාතී ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජනය කරමින් කප්පම් ඉල්ලීමේ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් පයාගල පොලිසිය වෙත එම ඥාතීන් විසින් පැමිණිලි කර තිබිණි.

 



අදහස් (2)

මිනී මරා සැඟවෙන්න බැරි වේ

රෝයි ෆෙඩ්රික්ස් Monday, 17 June 2024 12:55 PM

ඔව් ඔව් සහතික ඇත්ත. තාජුඩීන්, ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ, පාස්කු ප්‍රහාරය ඔය ඔක්කොම කරපු අය ඉන්නේ නිදැල්ලේ. කවුරුවත් හැංගිලා නැහැ.

:       0       7

Roma Monday, 17 June 2024 01:26 PM

එක එක අපරාධවලට එක එක විදියට දඬුවම් ලැබේවි. වෙඩි වැදී මියගිය පුද්ගලයාත් එහෙම කෙනෙක්. ස්වභාව ධර්මය සහ දේව ධර්මයත් ස්වභාවිකව හෝ වෙනත් මගකින් කාට කාටත් අවශ්‍ය වන විට දේවල් කරනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site