(මහින්ද නිශ්ශංක)
පිටකොටුව මැනිං වෙළඳ පොළේ ඇතැම් වෙළඳුන් තුන් හතර ගුණයක් වැඩි මිලට එළවළු තොග අලෙවි කිරීම පාරිභොගික අධිකාරිය මඟින් අද (26) වළක්වනු ලැබීය.
අධික මිලට එළවළු තොග අලෙවි කරන බවට ලැබුණු පැමිණිලි මත පාරිභෝගික අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද එහි ගොස් ඇතැම් වෙළඳුන්ගේ එම ක්‍රියාකලාපය නතර කෙරිණි.
එළවළු අධික මිලට විකිණීම හේතුවෙන් එළවළු මිලට ගැනීමට පැමිණි වෙළඳුන් මැනිං වෙළ`ද පොළේ වෙළදුන්ගේ එම අසාධාරණ ක‍්‍රියාකලාපයට විරෝධය දැක්වු අතර එම අවස්ථාවේ වෙළඳුන් අතර නොසන්සුන්තාවයක්ද හටගැණින.
පසුව පාරිභෝගික අධිකාරීයේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුළු නිලධාරීන් මැනිං වෙළ`ද සංගමය සමඟ සාකච්ඡා කොට සාධාරණ මිල ගණන් යටතේ එළවළු අලෙවි කිරීමටද ඔවුන් එකඟ වු බවද අධිකාරිය පවසයි.
ඊයේ මැනිං වෙළඳ පොළේ ඇතැම් වෙළඳුන් එළවළු කිලෝවක් රුපියල් 350/- ත් 450/-ත් අතර මිලකට අලෙවි කළ බවද අධිකාරිය පවසයි.
වෙළඳ සංගමය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ඔවුන් විසින් එළවළු සාධාරණ මිලක් යටතේ අද (27) සිට එළවළු අලෙවි කිරීමට එකඟ වු අතර සංගමය මඟින් නියම කළ මිල ගණන් වලට අධිකාරීයේ අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව කැරට් කිලෝවක් රුපියල් 150/- කටද, බෝංචි කිලෝවක් රුපියල් 120/- කටද, ලීස් කිලෝවක් රුපියල් 120/- කටද, බීට් කිලෝවක් රුපියල් 80/- කටද, අළු කෙසෙල්, වට්ටක්කා කිලෝවක් රුපියල් 70/- බැගින්ද අමුමිරිස් කිලෝවක් රුපියල් 200/- කටද, වම්බොටු සහ කරවිල කිලෝවක් රුපියල් 100/- බැගින්ද දෙහි කිලෝවක් රුපියල් 150/- කටද, පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 50/- කටද, යන තොග මිල ගණන් යටතේ හෙට (27) සිට අලෙවි කිරීමටද වෙළඳ සංගමය තීරණය කොට ඇත.
මේ අවස්ථාවට පාරිභෝගික කටයුතු අධිකාරියේ බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්‍ෂ ඒ.ඒ. ජසුර් සහ විමර්ශන නිලධාරී අරවින්ද ශාලික යන මහත්වරුද එක්වුහ.
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
889
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2519
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මැනිං මාරකැට්ටුවේ කළුකඩ වෙළෙදාම නවත්වයි