IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපති ඇතුළු 17 කට ඇප

(නිමන්ති රණසිංහ)

අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතාවයක නිරත වූ මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (26) නියෝග කළේය.

මහජන පීඩා සහ මංමාවත් යන පනත් උල්ලංඝනය කරමින් සහ අධිකරණ නියෝග කඩ කරමින් මෙම සැකකරුවන් උද්ඝෝෂණයේ නිරත වූ බව පෑලියගොඩ පොලිසිය සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු සඳහන් කළේය.

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළේ කඩකාමර ලබා දීමේ දී ඇතිවු ගැටලුවක් මුල් කරගනිමින් එහි වෙළෙඳ සංගමය විරෝධතාවක් ප්‍රකාශයට පත් කර තිබු අතර, පූර්ව විරෝධතාවයට එරෙහිව අධිකරණය ඊයේ  (25) වාරණ නියෝගයක් ද නිකුත් කර තිබුණි.

එම අධිකරණ නියෝගය කඩ කල පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ වෙලෙදුන් සියලු වෙළෙඳසැල් වසා දමමින් මහජනතාවට පීඩාවක් ඇති වන අයුරින් මහා මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට ද හිරිහැර වන අන්දමින් උද්ඝෝෂනයේ නිරත වූ බව පෑලියගොඩ පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ  කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ඇප ලබා දෙමින් නඩුව ලබන 4 වන දා තෙක් කල් තැබීය.



අදහස් (0)

මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපති ඇතුළු 17 කට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 449 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1037 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site