IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මොන පක්ෂය ආවත් අපේ සහය දෙනවා

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන පිළිබඳව ඉදිරි මැතිවරණයේදී බලයට පත්වන දේශපාලන පක්ෂයට වෙනත් මතයක් තිබුණහොත් එය ඇහුම්කන්දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් නමුත් එලෙස ඉදිරිපත් කරන මත යථාර්තවාදී විය යුතු බවත් ඒවා ආධාර වැඩසටහනේ නියමිත කාල සීමාව තුළ අවසන් කළ හැකි වියයුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා අද (14) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ගරු කරන බවත් මීළඟ මැතිවරණයේදී බලයට පත් කරගන්නේ කවුරුන්ද යන වග ශ්‍රී ලාංකිකයන් තීරණය කළ යුතු බවත් පීටර් බෘවර් මහතා පැවැසුවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සියලු දෙනාගේ මත වලට ඇහුම්කන් දීමට සූදානම් නමුත් එම මත යථාර්තවාදී වියයුතු බව ඔහු ප්‍රකාශ කළේය.

කිසිමවිටෙක  වර්තමානයේ ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය වෙනස් කළ නොහැකි බව බෘවර් මහතා පැවැසුවේය. 1980 දශකයේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 ක් වූ රජයේ ආදායම 2022 වනවිට සියයට 8 ක් දක්වා පහත වැටී ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

බදු අඩුකිරීමෙන් ඇති වූ බලපෑම මේ වනවිට පෙනෙන්ට තිබෙන බවත් ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයටද එය එක් හේතුවක්වූ බවත් පීටර් බෘවර් මහතා ප්‍රකාශ කළේය.මෙරට ආර්ථිකය ගොඩ ගැනීම සඳහා රජයේ ආදායම ඉහළ දැමීම අත්‍යාවශ්‍ය කරුණක් බවත් ඒ හේතුවෙන් මෙරට ලබාදී ආධාර වැඩසටහන යටතේ රජයේ ආදායම ඉහළ දැමීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානය යොමුකළ බවත් ඔහු පෙන්වා දුන්නේය.

නැගී එන වෙළඳපොළක් ඇති සහ මැදි අදායම් ලබන රටවල රජයන්හි ආදායම සාමාන්‍යයක් ලෙස දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 26 ක් වුවත් එම කාල සීමාව තුළදී මෙරට රජයේ අදායම සියයට 9.3 ක් බව පීටර් බෘවර් මහතා පැවැසුවේය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුමට බලපෑමක් එල්ල විය හැකි බවත් විශේෂයෙන්ම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී සහ ආධාර වැඩසටහනේ කාල සීමාව පිළිබඳ ගැටළු ඇතිවීමට ඉඩ තිබෙන බවත් පීටර් බෘවර් මහතා ප්‍රකාශ කළේය.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සියලුම නිල ණය හිමියන්ට විනිවිදභාවයකින් යුතුව එක සමාන අයුරින් සැලකිය යුතු වුවත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අදාළ කාරණයක් නොවන බවද ඔහු පැවැසුවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වැදගත් වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉලක්ක ශ්‍රී ලංකාව සපුරා තිබෙනවාද නැද්ද යන්න බව බෘවර් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා තිබෙන බවත් ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලංකාව චීනය සහ නිල ද්වි පාර්ශ්වික ණය හිමියන් සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළඹෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

එම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කට්සියරීනා සිව්රිඩ්සෙන්කා ප්‍රකාශ කර සිටියේ ඇතැම් රාජ්‍ය ව්‍යවසායන් මහජන මුදල් වලට බරක් වී තිබෙන බවත් ඒවා විනිවිදභාවයකින් යුක්තව කාර්යක්ෂම අයුරින් ක්‍රියාත්මක විය යුතු බවත්ය.



අදහස් (12)

මොන පක්ෂය ආවත් අපේ සහය දෙනවා

සත්‍යපාල Friday, 14 June 2024 05:37 PM

ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණයෙන් බලයට පැමිණෙන්නේ ජවිපෙ පක්ෂයයි. ඔවුන් විසින් මහජනතාවට පොරොන්දු දෙන්නේ සියල්ල නොමිලයේ ලබාදෙන බවයි. ආණ්ඩුවේ රස්සා වැඩි වැඩියෙන් දෙන බවයි. හැමෝගෙම පඩි වැඩි කරන බවයි. බදු පහත දමන බවයි. බඩු මිල පහත දමන බවයි. ජාත්‍යන්තර සංවිධානවල සිටින ඔබ වැනි අයට මචන් යනුවෙන් ආමන්ත්‍රණය කර සියල්ල ඉටු කර මෙරට සුඛිත මුදිත කරන බවයි. ආර්ථික වේගය සැලකිය යුතු ලෙස වර්ධනය කරන බවයි. ආර්ථික ඝාතකයන් වන ඉලෝන් මස්ක්ලාට මෙරටට එන්න නොදෙන බවයි. මෙවැනි පරස්පර තත්වයන් යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ශ්‍රී ලංකාව හා කටයුතු කරන්නට සිදු වනු ඇත. මාලිමාවට ජයවේවා..!

:       124       128

මොට්ටපාලFriday, 14 June 2024 08:18 PM

සත්‍යපාල දොට්ට දැම්ම පාසලෙන්...

:       0       0

sam Friday, 14 June 2024 05:56 PM

IMF තනි බොරුව කරන්නේ දේශපාලකයින් පට්ට හොරු බව දැන දැනම බොරුවට ඔවුන් එක්කම ලැගලා අධාර දෙනවා.. තුන්වෙනි වාරිකය බලෙන් වගේ දුන්නේ.. 30% ප්‍රගතිය තිබ්බේ.. අන්තිමේට හොරු ටික තමයි රැකෙන්නේ...

:       122       35

Ruwan De Silva Friday, 14 June 2024 07:16 PM

මම එක දෙයක් කියනවා දකුණු ආසියාවේ IMF අරන් ගොඩ ගිය රට තමයි ඉන්දියාව. 1991 ඉන්දියාවේ ආර්ථිකය වැටුණු වෙලාවේ IMF පිහිට වෙනවා.. ඊට පස්සේ ආර්ථික ලිබරල් ක්‍රමය ආරම්භක කරනවා. අද වෙද්දී ලෝකයේ තුන්වන බලවතා ඇමරිකාවට වුනත් බය නෑ. හැබැයි පාකිස්ථානය අනන්තවත් IMF ණය ගත්තා හැබැයි අසාර්ථකයි. අපිටත් පුළුවන් ඉන්දීයාව වගේ වෙන්න හරි පාකිස්ථානය වගේ වෙන්න එක දේශපාලන වගේම රටේ මිනිස්සු වුනත් දැනුවත් වෙන්න ඕනේ.

:       0       48

Achiini Friday, 14 June 2024 07:19 PM

රනිල් නම් කියන්නේ එයාට විතරයි පුළුවන් කියලා...

:       31       13

nanda Friday, 14 June 2024 07:32 PM

ඡන්ද දායකයා ඡන්දෙ දෙන්නේ තමන් මනාප පක්ෂය දිනාවි කියලා හිතාගෙන. ඒ වුණාට තමන්ට තියෙන්නේ එක ඡන්දයයි. ඡන්දය ගණන් කරලා ප්‍රතිඵල ප්‍රකාශ කළා නම් අනාවැකි කිය කියා ඉන්න එක තමයි බොහෝ දෙනෙක් කරන්නේ.

:       0       17

සෙනෙවිරත්න Friday, 14 June 2024 07:53 PM

සත්‍යපාල කන් දෙක බලවා ගන්න. හිතේ තියෙන ඒවා මෙතැන පක්ෂයක ප්‍රතිපත්ති කියලා නිකන් විහිළු කාරයෙක් වෙන්න එපා...

:       0       0

Shaf Friday, 14 June 2024 08:14 PM

රනිල් නම් කියන්නේ එයා නැතුව මොකුත්ම බැ කියලා නේ

:       0       4

city Saturday, 15 June 2024 06:13 AM

පරිස්සමෙන් කියවා තේරුම් ගන්න.

:       0       0

sam Saturday, 15 June 2024 06:26 AM

මොන පක්ෂය ආවත් රටේ තියන දේවල් වලින් රටේ දියුණූ කරනවා මිසක් මුන්ගේ රටේ ජනතාව අපහසුවට පත් කරන නීති රිතී වලට යටවෙලා මුන්ගෙන් නම් ණය ගන්ඩ එපා. මුන්ට ඕන ණය දිලා මුන්ට ඕන කොන්දේසි දාලා ජනතාව පීඩාවට පත් කරන්ඩයි. මුන් කවදාවත් කියන්නේ නැ රටේ ආර්ථික ධනය හොරා කාපු දේශපාලුවන්ගේ හොරා කාපුවා නැවත ලබා ගන්ඩ වහාම ක්‍රියාත්මක වෙන්ඩ කියලා

:       0       0

Kazi Shajahan Saturday, 15 June 2024 10:07 AM

IMF එකත් දන්නවා රනිල් ආයිත් එන්නේ නැහැ කියලා. දැන් ඉතින් රනිල්ට බඩුම තමයි.

:       0       0

Nimal 1 Saturday, 15 June 2024 10:14 AM

ඔබතුමන්ලාට ළඟදීම වෙනත් පක්ෂ පිහිටුවන රජයන්ට සහයෝගය දෙන්න වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site