(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය නිරීක්‍ෂණය කරන්නට ගොස් තිබේ.
පාර්ලිමේන්තු කුස්සිය අපිරිසිදු වී ඇති බවත් මීයන් ගැවසෙන බවත් කථානායකවරයා කළ ප්‍රකාශය පිළිබඳ සොයා බැලීම සඳහා මෙම නිරීක්‍ෂණය කළ බව අමිල ප්‍රසාද් මහතා කීය.
එහි ගබඩා කාමර වීදුරු සහ දැල් යොදා සකස් කර ඇති අතර, කාර්ය මණ්ඩලය පිරිසිදුභාවය ආරක්ෂා කිරීමට නිරන්තරයෙන් කටයුතු කරන බවත් කථානායකවරයා කියන ආකාරයේ අපිරිසිදුවක් නැති බවත් අමිල ප්‍රසාද් මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තු මුළුතැන් ගේ උඳුන් 7න් 6ක් අක්‍රීය වන අතර, උපකරණ අබලන්ව පවතින්නේ යැයි ද ශීතාගාරය අලුත්වැඩියා කළ යුතු තත්ත්වයක ඇතැයි ද අමිල ප්‍රසාද් මහතා සිය නිරීක්‍ෂණයෙන් පසුව සඳහන් කරයි.
එහි පිටාර පංකා (Exhaust Fans) අක්‍රීය වී තිබීම, ටයිල් පළුඳු වී තිබීම සහ නාන කාමර ද අබලන් තත්ත්වයේ පවතින බව ද නිරීක්ෂණ වූ බව මන්ත්‍රීවරයා කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මන්ත්‍රී අමිල පාර්ලිමේන්තු කුස්සිය නිරීක්‍ෂණය කරයි
බකල ජයා Thursday, 25 September 2025 06:11 PM
පොටෝ ගන්න ආරංචියට මීයො ටික හැංගිලා. මෙතැන මොකක්හරි කැරපොතු කුමන්ත්‍රණයක් තියෙනවා. PHI ලා එනවාට විරුද්ධ කුමන්ත්‍රණයක්...
ලූට මූස් Thursday, 25 September 2025 06:23 PM
ඌරාට ඌරු කොටුව අපිරිසිදු තැනක් නොවේ.
එක්සත් නිදහස් කුස්සි මී සමිතිය Thursday, 25 September 2025 06:28 PM
මීයො ලැජ්ජාවට හැංගිලා. නැත්තං මෙයා එන අප්පිරියාවට හැංගුනා වෙන්නත් පුළුවන්.
Nandana Thursday, 25 September 2025 07:18 PM
ෂෝ එපා මල්ලි...