
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පරිගණක ඡායා පිටපත් යන්ත්‍ර ෆැක්ස් යන්ත්‍ර සහ ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා මුළු ධුර කාලයටම ලක්ෂ අටක මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම භාණ්ඩ මිලදී ගැනීම සඳහා මෙයට පෙර රුපියල් ලක්ෂ පහ බැගින් ලක්ෂ දහයක් සිය දුර කාලයේ වාර දෙකකදී ලබාදීමට කටයුතු කෙරිණ.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පෙබරවාරි මස 20 වැනිදා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයක් අනුව මෙම මුදල ලබාදීමට අනුමැතිය ලැබී ඇත.
මෙම භාණ්ඩ මිලදී ගැනීමෙන් පසු ක්ෂය වටිනාකම වාරික පදනමින් අය කර ගැනීමට කටයුතු කෙරේ. එසේම මුදල් අය කර ගැනීමෙන් පසු එම භාණ්ඩවල අයිතිය මන්ත්‍රීවරයාට පැවරෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ 8ක් යන්නේ නැහැ කම්පියුටර් එකක් ගන්න, අවශ්‍ය මූලික උපාංග ඔක්කොම එක්ක සොෆ්ට්වෙයා විවෘත මෘදුකාංග එක්ක ලක්ෂ 4කත සුපිරිම කම්පියුටර් එකක් ගන්න පුළුවන්.
ඕවට බොරුවටනේ මහජන මුදල් වියදම්කරන්නේ ඔය යාලුවෙන්ගෙන් පරණ computer ඉල්ලගෙන ඒවා අලුත්වැඩියා කරන කෙනෙකුට කියල ඒ වැඩේ නිකන කරවගන්න කියල ඔය මන්ත්‍රිලට කියන්න.
කවුරුවත් පිනට වැඩ කරන්න එන්නේ නැහැ. දෙන හැම දේටම හුල්ලන එක නෙවෙයි වැඩේ, මොනවා හරි කරලා රටට වැඩක් කර ගන්න එක. ඒ සදහා අවශ්‍ය, උපකරණ සහ පහසුකම් රටට සරිලන සහ දරාගැනීමට හැකි පරිදි ජනතා නියෝජිතයන්ට සහ නිලදාරින්ට ලබා දිය යුතුයි. පසු ගිය කාලේ සිදු වුනේ, ලබා ගත වරප්‍රසාද සහ අනික දේවල් අසීමිත ලෙස රටට දරාගත නොහැකි සහ අවභාවිතාවන මට්ටමේ පැවතීමයි.
පහුගිය කාලේ නම් මන්ත්‍රීවරුන්ට නොමිලේ ලබාදුන්නු ලැප්ටොප් පරිගනක වලින් පාර්ලිමේන්තු ගර්බය තුළදීම අතිවිශේෂිත දේවල් නරඹුවා කියලා කසුකුසුවක් ඇහුණා වගේ මතකයි..
ගොඩක් අයට මේව ප්‍රයෝජනවත් වෙයි. හුලං සැර කාලෙට දොරවල් නැත්තං ඩාං ගාල, ඩෝං ගාල වදිනවා.
රටේ පාසැල් දරුවෝ ඉන්නවා පරිගනකයක් දැකලාවත් නැති, ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.
ඇත්තටම ඔවගෙන් ජනතාවට වෙන සේවයක් තියේද?. විපක්ෂයේ මංත්‍රීවරුන්ටත් ඕනද?
වීඩියෝ ගේම් ගහන්න වෙන්න ඇති . ටැක්ස් ෆ්‍රී ඔය ටික ගන්න දුන්නා නම් කොච්චර පොඩි ගානද යන්නෙ?