
(රොමේෂ් මධුෂංඛ)
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයේ කුඹුරකට බැස සාම්ප්‍රදායික ගොවිතැන් කටයුතු වල නිරත වී ඇත.
සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ඥාතියකුට අයත් කුඹුරක සාම්ප්‍රදායිකව සිදුකෙරෙන ගවයින් යොදා සී සෑම , තල්කොලේ ආහාර ගැනීම, කුඹුරේ කිරි උතුරා කිරිබත් පිසීම, සාම්ප්‍රදායික් ගොවීන් හමු වී ඔවුන් සමග තල්පතේ ආහාර ගැනීම ආදිය ද සිදු කළේය. එම අවස්ථා ඇතුලත් ඡායාරූප සමාජ මාධ්‍යන්හි සංසරණය වෙයි.



COMMENTS
මේ වගේ අවස්ථාවකට සහභාගි වෙන්න අපටත් ඉඩක් දෙන්න බැරිද?
ගරු මැතිතුමනි, ඔබතුමාගේ අතීත ආදර්ශය අද රටේ පන් කොළ පතවත් නොදන්න, අයට පෙනේවා..! ඔබතුමාගේ කාර්යය ඉතාමත් දියුණුවට පත්වේවා...!
නිහතමානී මහත්මයෙක්...
එකහා සමාන සංස්කෘතියක් ඇති අපට ඇයි මේ බේරගන්න බැරි ප්‍රශ්න ?
ලංකාවේ ඉතින් ෂෝ නැතිනම් ඡන්ද නැහැ. මලගෙදරකට ආවේ නැතිනම් ඡන්දෙ නැහැ. වැඩ කරන්න ඕනෙම නැහැ. කොච්චර හොරාකෑවත් කමක් නැහැ. අපේ එකා අපිට හොඳා... එ්කනේ අපි ඡන්ද ගන්න පාසල් අධ්‍යාපනය කන්නේ. විශ්ව විද්‍යාල අධ්‍යාපනය කන්න අන්තරේ පන්ති පහේ අයියලා ඉන්නවා...
සාමාන්‍ය මිනිසුන් සමග සිරිත් අනුගමනය කිරීමක්... ඔබ මුලු රටටම ආදර්ශයක් පෙන්නුම් කළා..!
දැකීමත් සතුටක්... ඔබතුමාලා ලංකාවෙන් කෑල්ලක් කඩාගන්න දඟලමින් කාලය නාස්ති නොකර, යාපනයේ ගොවි මහත්වරුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී හිටියා නම්, ඔබතුමාලට දකුණේ සිංහල ජනතාවගෙනුත් විශාල සහයෝගයක් ගන්න තිබුණා. යාපනයේ ගොවි මහත්තුරුන්ට පුළුවන් මුලු ලංකාවටම වුණත් කන්න දෙන්න...
මීට කලින් අපේ රටේ සමහර නායකයින් කීදෙනෙක් අම්බරුවන් වගේ කුඹුරට බැස්සාද? හැබැයි අමුඩෙ ඔලුවේ බැඳලා තිබුණා වගේ මතකයි...
මේ ගොල්ලන්ට පොහොර ප්‍රශ්න නැහැ. පාවිච්චි කරන්නේ කාබනික පොහොර. උඩහ වතුවලින් ලොරිගණන් උතුරට කාබනික පොහොර යන්නේ...
ක්‍රිස්තු පූර්ව 130 ඉඳලාම රටෙන් කෑල්ලක් ඉල්ලීම නිසා එකට එකතුවෙන්න බැහැ. නැතිනම් ඔවුන්ගේත්, අපේත් ගැලපෙන ඉතා කිට්ටුවෙන් යන සංස්කෘති දෙකක්... මෙරටට මුස්ලිම් සංස්කෘතිය කොහොමත් ගැලපෙන්නේ නැහැ...
ද්‍රවිඩ ජනතාව මොන තානාන්තරවල නිරතව සිටියත්, අපේ ජාතියේ අය වගේ ඇඳගෙන නැහැ. රැකියාව දොස්තරද, ඉංජිනියර්ද, ඇමතිද, ගමට ආවිට සෙල්ලසාමි/ සෙල්ලසාමිම තමයි. ඒකට අපේ අය..., ඇවිදින්නෙත් තනතුර ඔලුවේ තියාගෙන... පිස්සු යක්කු...
හොඳ නළුවෙක්... එච්චරයි..!.
නියමයි...!!!
සිංහලද? දෙමළද? රඟපාන නළුවෝ
මේක දැකලා අනිත් අය කුඹුරට බහියිද දන්නේ නැහැ.
සුමන්තිරන් කියන්නේ හොඳ ගොවියෙක්. දෙමළ සන්ධානයේ ඉන්න හැම කෙනෙක්ම හොඳ ගොවියෝ.
රටේ සිනමාවේ අවාසනාවට අහිමි වෙච්ච චරිතාංග නළුවෝ.
ඔය අර නායකයාට සුදුසුයි කිව්ව එකේ එක වෙලුමක්....
හැමදාම ලංකාවේ මිනිස්සුන්ට හොඳ දේ හඳුනාගන්න බැහැ. හොරාටම කත් අදිනවා. මේ මනුස්සයා උගත් කමින් පොහොසත් කෙනෙක්.