
(එච්. චන්දන)
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකුගේ නිවසේ වහලේ සිටි දුර්ලභ ගණයේ බකමූණන් තිදෙනකු මන්ත්‍රීවරයා ලබා දුන් තොරතුරකට අනුව සොයාගත් බව පුත්තලම වන ජීවී පාලක ඒකකය කියයි.
එම මන්ත්‍රීවරයාගේ නිවසේ සිවිලමේ සිටයදී බිමට වැටී සිටි මෙම අටු බකමුණු වර්ගය තිදෙනා එම කාර්යාලයට රැගෙන ආ බවයි වන ජීවී නිළධාරින් පවසන්නේ.
Barn Owl යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මෙම බකුමූණු වර්ගය ලංකාවේ වැඩි වශයෙන් දක්නට නොලැබුණද කළපු ආශ්‍රිතව සමහර ස්ථානව දක්නට ලැබෙන බවත් මෙම අටු බකමුණු තිදෙනා වැඩිදුර පරීක්ෂණ කටයතු වට නිකවැරටිය පශු වෛද්‍ය කාර්යාලයට භාර දෙන බව පුත්තලම වන ජීවී පාලක ඒකකය පවසයි.


COMMENTS
අටු බස්සෙක් මූකලන් බස්සෙක්ගේ ගෙදරට රින්ගලා....
සොබාදහමේ දායාදයක්.මේ සතුන් වනජීවියට බාරදුන් අයට ස්තූතියි.පාර්ලිමේන්තුවේත් මීට කිට්ටුවෙන් යන මුහුණු කිහිපයක් තියෙනවා.ඒත්,මෙච්චර ලස්සන නැහැ.ඒ හා සමාන කොට කතාකළොත්,මේ අහිංසක සතුන්ට අපහාසයක් සිදුකලා වෙනවා.
කතා කරන්න පුළුවන් නම් කියයි කතා කෝටියක්...
දැන් අටු බස්සන්ගේ මුහුණුයි මේ මිනිස්සුන්ගේ මුහුණුයි එක වගේ වුනේ කොහොමද? ප්‍රහේලිකාවක්
මිනිස්සුන්ට පුදුම කේන්තියක් පාලකයෝ එක්ක තියෙන්නේ. ඒ තරමට එපා වෙලා
මීක් කියන්න බැරිව වගේ ඉන්නේ
පුදුමයි මං ප්‍රවෘත්තිය දැක්ක ගමන් හිතුවේ කෝටි ගාණකට විකුණන්න ගිහින් කියලා. බලනකොට වනජීවී එකට දීලලු.
හරිම දුකයි අපේ වන ජීවි එක සතුන් බලාගන්න විදිය
අපේ ගමෙත් මේ වගේ හැඩය තියෙන අය ඉන්නවා.
බස්සෝ ඔක්කොම වනජීවියට භාරදෙන්නයි තිබුනේ.
අඩු වශයෙන් මන්ත්‍රීතුමා හොඳ දෙයක් කරලා තියෙනවා. වනජීවිය මේ සතුන් ගැන හොඳට බලා ගනියි කියල හිතෙනවා.
දුලබ නැහැ. ලෝකයේ වැඩියෙන්ම ඉන්න වර්ගයක්.
හරියට මේ අය මහන්සිවෙලා හොයාගත්තා වගේ...
මම පුද්ගලිකව කැමතියි බස්සො ඔක්කෝම වණජීවියට දෙනවට ඒත් පර්ලිමේන්තුවේ ඉතිරිවෙන්නෙ කවුද ?
මෙම පක්ෂීන් වර්ගයේ විද්‍යාත්මක නම Tyto alba වේ. Barn Owl යනු එම පක්ෂීන්ට භාවිතා කරන ව්‍යවහරිත නාමයක් පමණි. ලොව ප්‍රදේශ කිහිපයක හැර සෙසු ප්‍රදේශ සියල්ලෙහි ම ව්‍යාප්තව වසන සුලභ ම බකමූණන් වර්ගය වේ.
හරිම ලස්සනයි
හරිම ලසසනයි . මේ තුන්දෙනා
ඒක ඩොලර් 40 මොකද? උපන්දා ඉන්දන්ම බදු ගෙවන රටෙ දුප්පත් ජනතව එකක් කලොත් ර්ස්.9500 එකෙ ප්‍රතිපල එන්නෙ ඩින දෙක තුනකින්..