IMG-LOGO

මිනිස් මොළයට චිපයක්

බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ ‘නියුරෝලින්ක්’ සමාගම පළමු වරට, සාර්ථකව, පරිගණක චිපයක්, මිනිස් මොළයට බද්ද කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

‘නියුරෝලිනික්’ සමාගම උත්සාහ ගන්නේ අනාගතයේ පරිගණක, ජංගම දුරකතන ඇතුළු යන්ත්‍ර සූත්‍ර, මිනිස් මොළය හා සම්බන්ධ කිරීමටය. එහි ප්‍රතිඵලයක් ලෙස ‘නියුරෝලිනික්’ සමාගම මේ වනවිට විවිධාකාරයේ අත්හදා බැලීම් කරයි.

මිනිස් මොළයට පරිගණක චිපයක් බද්ද කිරීම සඳහා ‘නියුරෝලින්ක්’ සමාගම, ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ ද අනුමැතිය ලබා ගෙන තිබේ.

ඉලොන් මස්ක්ට අනුව, ‘නියුරෝලිනික්’ සමාගම මෙම චිපය නම් කර ඇත්තේ ‘ටෙලිපති’ යන නමිනි. චිපය නිර්මාණය කර ඇත්තේ අංශභංග තත්ත්වයට පත්වුණු පුද්ගලයන්ට ඔවුන්ගේ සිතුවිලි හරහා සමඟ විද්‍යුත් උපාංග පරිහරණය කිරීමට හැකි වන අයුරිනි.

චිපයේ සාර්ථකත්වය අනුව, මෙය අංශභංග තත්ත්වයෙන් පසුවන පුද්ගලයන්ට බද්ධ කිරීම ඉදිරියේ දී සිදුවනු ඇත.

මෙම චිපය අංශභංග තත්ත්වයට පත්වුණු පුද්ගලයන්ට ඔවුන්ගේ දෛනික කටයුතු පහසු කර දෙනු ඇතැයි තම විශ්වාසය යැයි ඉලොන් මස්ක් මාධ්‍ය හමුවේ වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

(සී.එන්.එන්. ඇසුරිනි)



අදහස් (4)

මිනිස් මොළයට චිපයක්

නිහාල් Wednesday, 31 January 2024 02:00 AM

මෙහෙ දාන්නේ චිප් නෙවෙයි නාස් ලණු... පොහොට්ටු ඔක්කෝටම දාලා තියෙන්නේ...

:       0       3

Amal Wednesday, 31 January 2024 09:23 AM

ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න වලපයයි, ගොඩපයයි කට්ටියට හොඳ පුවතක්... ඉලොන් මස්ක්, පළමුව ලංකාවෙන් පටන් අරන් පසුව ලෝකෙටම දෙමු...!!!

:       0       3

සෙනෙවිරත්න Wednesday, 31 January 2024 12:00 PM

දැන් ඔය අන්තරාභවය, කර්මය, පුනර්භවය, වගේ ඒවායේ ගැලීසිටින උදවියට වෙනත් දෙයක් කියන්න වෙනවා සිලිකන් චීපයකට පරාජය නොවීමට...

:       3       3

rattu Wednesday, 31 January 2024 02:06 PM

සෙනෙවිරත්නටත් චිපයක් සවිකරගෙන දැනටමත්... ඒකයි බුදු දහමට නිගා කරන්නේ...!

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 179 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 96 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1695 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site