IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මිනුවන්ගොඩට නින්ද නැති රැයක් එයි

(අංජුල මහික වීරරත්න)

මිනුවන්ගොඩ නගරය වාණිජමය වටිනාකමක් ඇති නොනිදන නගරයක් ලෙස සංවර්ධනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 

දියුණු තාක්ෂණය භාවිත කරමින් නූතන ලෝකයට ගැලපෙන ලෙස මිනුවන්ගොඩ නගරය සංවර්ධනය කරන බවද අමාත්‍යවරයා කීය.

මිනුවන්ගොඩ නගර සංවර්ධනය සම්බන්ධයෙන් බත්තරමුල්ල,සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී  අද (14) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මිනුවන්ගොඩ නගර සංවර්ධන සැලැස්ම සකස් කරනුයේ නාගරික සංවර්ධන අධිකාරීයේ වරලත් ඉංජිනේරුවන් හා ගෘහ නිර්මාණ ශිල්පීන් විසිනි. නගරය සංවර්ධනය කිරීමේදී නගරයේ පිහිටි කුඹුරු ඉඩම් ඇතුළු ස්වාභාවික පරිසරයට හානියක් නොවන ලෙස සංවර්ධන සැලසුම් සකස් කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී  සඳහන් කළේය.

මිනුවන්ගොඩ නගරය මගහැර පහසුවෙන් ගුවන්තොටුපළට ළඟාවීම සඳහා අඹගහවත්ත ප්‍රදේශයේ සිට ගුවන්තොටුපළ දක්වා නව මාර්ගයක් ඉදිකළ යුතු බවද අමාත්‍යවරයා කීය.



අදහස් (6)

මිනුවන්ගොඩට නින්ද නැති රැයක් එයි

සෑම් Thursday, 14 September 2023 12:21 PM

සරලව කියන්න තියෙන්නේ, මේ අයට පිස්සු...

:       0       18

බද්රානි Thursday, 14 September 2023 01:09 PM

රාත්‍රියට තියා දවාලකටවත් යන්න බැරි නගරයක් තමයි මිනුවන්ගොඩ කියන්නේ... ගුවන් තොටුපොල හා සම්බන්ධ සියලුම මාෆියා කල්ලි මෙහෙය වන්නේ මේ නගරය තුළ සිටයි.. මේ පින්තූරයේ ඒ මාෆියා කල්ලි නායකයා සිටිනවාද කියලයි මමත් මේ හොයන්නේ...?

:       0       19

ගමේ එකාලා Thursday, 14 September 2023 02:41 PM

කොමිස් ගහන්න, කප්පම් ගන්න වැඩක් වෙන්ඩැති? රණතුංග පවුලේ අයගේ කෙරුවාවල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දේශපාලනෙන් හොරාකාලාම බඩවඩා ගත්තු එකාලා...

:       0       12

chandima Thursday, 14 September 2023 10:41 PM

මේගොල්ලෝ දන්නේ නැති වුණාට දැනටමත් මදුරුවලවල් නිසා මිනුවන්ගොඩ මිනිස්සුන්ට රෑ එළිවනකල්ම නින්දක් නැහැ තමයි. මොකද කුණු කාණු සුද්ද නොකරම ඉන්නද යන්නේ?

:       0       0

Bamunuarachchi Friday, 15 September 2023 09:15 AM

නගරය නොනිදා හිටියාට මිනිස්සු නිදි නේද?

:       0       1

Bunny Preena Friday, 15 September 2023 02:11 PM

කොහොමත් මිනුවන්ගොඩ පැත්තේසමහර ගෙවල්වල අය.. ගත කරන්නේ නින්ද නැති රැයවල් තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site