IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


මැනිලා නුවරට යළිත් අගුළු දමයි

කොරෝනා ආසාදිතයින් වැඩිවීම හේතුවෙන් පිලිපීනයේ මිලියන ගණනක් ජනතාව සඳහා නැවත අගුළු දැමීම ක්‍රියාත්මක කිරීමට එරට රජයට සිදුවී තිබේ.

ඒ අනුව මැනිලා නගරය සහ අවට පළාත් හතරකට ද ලුසොන් දූපතට ද සති දෙකක කාලයක් සඳහා නිවසේ රැඳී සිටීමේ නියෝග නිකුත් කර ඇත.

දෛනික ආසාදන එකවර පස් ගුණයකින් ඉහළ යෑමත් සමග සෞඛ්‍ය පද්ධතියේ බිඳවැටීමට ඉඩ ඇතැයි වෛද්‍යවරු අනතුරු ඇඟවීම හේතුවෙන් පිලිපීන රජයට මෙම පියවර ගැනීමට සිදුවිය.

වයිරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා සීමා කිරීම් වැඩිකරන ලෙස ඔවුහු ජනපති රොඩ්‍රිගෝ ඩුටර්ටේගෙන් ඉල්ලා සිටියහ.

එරට සෞඛ්‍ය අංශ ඉරිදා වාර්තා කළේ නව ආසාදන 5,032ක් තහවුරු වී ඇති බවයි.

පිලිපීනයෙන් මේ දක්වා වාර්තා වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 106,330ක් වන අතර මරණ 2,104ක් සිදුව තිබේ. 

මේ වනවිට සමහර ප්‍රාදේශීය රෝහල් වල රෝගීන් ප්‍රමාණය ඉක්මවා ගොස් ඇත.

පොදු ප්‍රවාහන සේවා අත්හිටුවීම හේතුවෙන් කම්කරුවන් බොහෝ දෙනකු ගම්බිම් බලා යෑමට නොහැකිව අගනුවර අතරමංව සිටින බව මාධ්‍ය වාර්තා කර තිබේ.

මීට පෙර මාර්තු මස මැද සිට මැයි දක්වා පිලිපීනය ලොක් ඩවුන් කර තිබිණි.

 

(බීබීසී ඇසුරිණි - 085)

 

 



අදහස් (0)

මැනිලා නුවරට යළිත් අගුළු දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14154 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11123 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 196 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site