(සමන්ත යහම්පත්)
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ ‘‘මනමේ‘‘ වේදිකා නාට්‍යයේ පුරා අඩ සියවසක් පොතේ ගුරු චරිතය රඟපෑ ශ්‍යමන් ජයසිංහ මහතා ඕස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත විය.
මිය යනවිට 78 වැනි වියේ පසුවූ ඔහු ඕස්ට්‍රේලියාවේ පොත් ව්‍යාපාරයක නියැලී සිටි ඇත. ශ්‍යාමන්ගේ අභාවයත් සමග මනමේ මුල් නාටකයේ ප්‍රධාන භූමිකාව රඟපෑ චරිත අතරින් ඉතිරිවී සිටි අවසන් චරිත ද අවසන් විය.
1956 වර්ෂයේදී පේරාදෙණිය සරසවියේ ශිෂ්‍යයකු ලෙස මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘‘මනමේ‘‘ නාට්‍යයේ පොතේ ගුරු චරිතයට පණ පෙවූ ශ්‍යාමන් පුරා වසර 50ක් එම චරිතයට ජීවය දීම විශේෂත්වයකි.
මංගල දර්ශනයේ රඟපාමින් වසර 50කට පසුවත් එම චරිතය නිරූපණය කළ එකම ශ්‍රී ලංකික වේදිකා නාට්‍ය ශිල්පියා ලෙස ඔහු නාට්‍ය ඉතිහාසයට එක් වේ.
1957 දී පේරාදෙණිය සිංහල සංගමයේ සභාපති ලෙස පත් වූ ශ්‍යාමන් ,මහාචාර්ය සරච්චන්ද්‍රෙග් ‘‘කදාවළලු, ප්‍රේමතෝ ජායතී සෝකෝ‘‘, වැනි නාට්‍යවල ද රංගනයෙන් දායක විය. පසුකලෙක ඔහු දයානන්ද ගුණවර්ධන මහතාගේ ‘‘නරි බෑණා‘‘ නාට්‍යයේ පොතේ ගුරු ලෙස ද රංගනයෙන් දායකවීම විශේෂත්වයකි.
කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්හනය පිළිබඳව උපාධිය ද හිමිකරගත් ශ්‍යාමන් පසු කළෙක ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්විය. ඔහු 1994 දී කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කර විශ්‍රාම ගැනීමෙන් පසු සිය දරුවන් දෙදෙන සමඟ ඕසට්‍රේලියාවේ පදිංචියට ගියේය. අවසන් කටයුතු පසුව දැනුම් දෙන ඇත.

2025 දෙසැම්බර් මස 18
131
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මනමේ පොතේ ගුරු දිවියට සමු දෙයි
S ILEPERUMA Wednesday, 07 June 2023 09:02 PM
ඔහුගේ වයස වැරදියි. ඔහුට වයස අවුරුදු 78ක් නම් 1946 ඉපදෙන්න ඇති .එවිට 1956දී ඔහුට වයස අවුරුදු 10යි. නමුත් 1956 දී ඔහු විශ්වවිද්‍යාලයේ සිටියා