
(රන්ජන් කටුගම්පොළ)
මානසික ආබාධිත ළමයකුට අලුත්ගම දර්ගා නගර මධ්‍යයේදී අමානුෂික අන්දමින් පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට අලුත්ගම පොලිසියේ නිලධාරීන් තිදෙනකුට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
මානසික ආබාධිත 17 හැවිරිදි දරුවාගේ පියා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් එලෙස නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය ලබන වර්ෂයේ ජනවාරි 16 වැනිදා අධිකරණයට ඉදිරිපත් වී නිදහසට කරුණු ඉදිරිපත් කිරීමටද අලුත්ගම පොලිසියේ නිලධාරීන් තිදෙනාට නියම කරමින් නොතිසි නිකුත් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරේරාජා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.
අලුත්ගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි මානසික ආබාධිත අහමඩ් වසීර් නමැති දරුවාගේ පියා වන මොහොමඩ් මවුසික් මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සිද්ධිය වන අවස්ථාවේ අලුත්ගම පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා, පොලිසියට අනුයුක්තව රාජකාරි කළ උපපොලිස් පරීක්ෂක රොහාන් දර්ශන, සැරයන්වරුන් වන ඩිලාන් ගුණතිලක සහ එන්.එච්. සේනාරත්න නමැත්තන් නම් කර ඇත.
කොරෝනා ඇඳිරි නීතිය පැවති 2022 මැයි 25 වැනිදා මානසික ආබාධිත තත්වයේ පසුවන සිය 17 හැවිරිදි පුත්‍රයා පාපැදියකින් දෙවැනි වගඋත්තර කරු සිටි පොලිස් මුරපොළ ආසන්නයෙන් ගමන් කරමින් සිටියදී ඔහුට නැවතීමට කළ අණ නොතකා ගමන් කළැයි චෝදනා කරමින් ඔහුට පහර දී ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර පියා මේ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව සහකාර පොලිස් අධිකාරිවරයා හමුවේ විමර්ශනයක් පැවැත්වූ බවද පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙම තත්වය හේතුවෙන් තම පුත්‍රයාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර පියා පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නැයිද සුදුසු වන්දියක් අයකර දෙන්නැයිද සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගැනීමට නියෝගයක් කරන්නැයිද ඉල්ලා සිටී.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ද මානසික දරුවාට පහරදුන් පොලිසියේ තුනක් අධිකරණයට
Lalla Thursday, 13 June 2024 11:37 PM
මුන් තුන්දෙනා අංගොඩ මානසික රෝහලට දක්කන්න සුමාන තුනකට.එනකොට මුන්ට පිස්සු හැදිල තියේවි... ඒක තමා දඬුවම.,..
Bunny Preena Friday, 14 June 2024 09:19 AM
වගකිමක් නැතිව වැඩ කරන අමානුෂික අන්දමින් පුරවැසියන්ගේ අයිතිවාසිකම් වලට එරෙහිව ක්‍රියා කරන අයට විරුද්ධ මහජනයා පෙළ ගැසිය යුතුයි
Ukussa Friday, 14 June 2024 01:14 PM
ඇත්තටම මන්ද මානසික රෝගී තත්වයක් තියෙන ළමයෙකුට බයිසිකල් පදින්න පුළුවන් කමක් තියෙනවාද පරීක්ෂා කරන්න ඕන සාමාන්‍යයෙන් ඔය පිරිසේ ඉතාම කුඩා දරුවො පවා හෙල්මට් පවා නොමැතිව මාර්ග නීති කිසිවක් නොසළකා දෙතුන් දෙනා බැගින් යතුරු පැදි පදිනවා පාරේ යන අපිට මොන අනතුරක් වෙයිද කියලා මරණ බයෙන් තමයි පාරෙ යන්න වෙන්නෙ ඔය මානසිකව දුර්වල තරුණයා කෙනෙකුගේ ඇගේ හැපිලා මලොත් මැරුණ කෙනා පාරෙ ගිය නිසා උල්ලංඝනය වුනා කියන්න වුනත් ඔවුන්ට පුළුවන් මේ ගැන කවුරුහෝ පිරිසක් සමීක්ෂණයක් කලොත් ඉතාමත් වටිනවා එවිට සත්‍යම තත්වය පැහැදිලි වේවි
සෙනෙවිරත්න Friday, 14 June 2024 02:40 PM
උකුස්සා, ඉතින් අතින් පයින් පහර දුන්නේ ඒක නිසාද?