IMG-LOGO

මන්ද පෝෂණ රකුසා දරුවන් 15000කට දත් විලිස්සයි

(අංජුල මහික වීරරත්න)

මේ වසරේ දී දිවයින පුරා උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 15763 දෙනකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරයි.

ජාතික පෝෂණ මාසය නිමිත්තෙන් එම කාර්‍යංශය කළ සමීක්ෂණයකදී මෙම කරුණු අනාවරණය වී තිබේ .
සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇගැයුම් හා නියාමන අංශයේ විශේෂඥ වෛද්‍ය කෞෂල්‍යා කස්තුරිආරච්චි මහත්මිය පැවසූයේ 
මෙම සමීක්ෂණය අනුව මන්දපෝෂණයෙන් පෙළෙන වැඩිම දරුවන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් බවයි.

මේ වසරේ දී  අඩු බර සහිත දරුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ද පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.පසුගිය වසරේ සියයට 15.3 ක් ලෙස පැවති අඩු බර සහිත දරුවන්ගේ ප්‍රතිශතය මේ වසරේ සියයට 17 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

එමෙන්ම පසුගිය වසරට සාපේක්ෂව බර අඩු මව්වරුන්ගේ සහ රක්තහීනතාවයෙන් පෙළෙන මව්වරුන්ගේ  වැඩි වීමක් දක්නට ලැබෙන බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

පසුගිය වසරේ සියයට 14.5 ක මට්ටමක පැවැති අඩුබර දරු උපත් සංඛ්‍යාව මේ වසරේ සියයට 15ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.



අදහස් (2)

මන්ද පෝෂණ රකුසා දරුවන් 15000කට දත් විලිස්සයි

ලසන්ත Friday, 15 September 2023 06:49 AM

රටේ ණයබර එන්න එන්නම වැඩිවෙනවා. තිබුණු ණය ගෙවීම් කල්දමා තියෙනවා. රටේ ඉපැයීම් සඳහා අලුත් කිසිවක් පේන්නේ නැහැ... ටිකක් හෝ අහන්න ලැබෙන්නේ විදෙස් රැකියා පමණයි. තවත් ටික කලකින් මොනවා වෙයිද කියලා හිතන්න අමාරුයි...

:       0       1

Nimal Friday, 15 September 2023 01:34 PM

ඕක ඇමැතිගෙන් ඇහුවොත් කියයි, කළිනුත් 14.5%ක් තිබ්බ එක, මෙච්චර ආර්ථික අවපාතයක් වෙලත්, එයා ඇමැති කාලේ වැඩිවුණේ 0.5%යි සහ ඒක විශාල ජයග්‍රහණයක්... වගේම හොඳ දෙයක් කියලා...ඔන්න ඔහොමයි දේශපාලකයෝ කතා කරන්නේ.. හැබැයි හොඳම වැඩේ තමයි, ඒ කියන එකත්, ඇත්ත තමයි කියලා ඉස් මුදුනින් පිළිගන්න ගොඩ දෙනෙක් ඉන්න එක..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site