IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මන්ද පෝෂණය වැඩි වී ඇති බව කෙහෙළිය පිළිගනිියි

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

මෙරට මන්දපෝෂණය පසුගිය වසරට සාපේක්ෂව සියයට දෙකකින්  වැඩිවී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පිළිගත්තේය.

ඇමැතිවරයා මෙසේ පිළිගත්තේ කොළඹදී අද (12)  පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙරටේ මන්දපෝෂණය තිබුණේ සියයට 12 ක මට්ටමක බවත් එම ප්‍රමාණය සියයට 2 කින් වැඩිවී ඇතැයි පිළිගන්නා බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ තත්වය තමා   පිළිගත්තේ අද  ඊයේ  නොවන බව පැවසූ රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදීත් මීට සුමානයකට පෙර  එම  තත්වය හෙළි කළ බව සඳහන් කළේය.

මන්ද පෝෂණ මට්ටම සියයට 10 දක්වා අඩු කිරීම අපේක්ෂාව බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රබලව  හිටපු ඉලක්කම් වලින් ඉතාමත් හොඳින් හිටපු රටක් හෙයින් පෝෂණ තත්වය  තවදුරටත් වැටීම වැලැක්වීමට ප්‍රමුඛත්වයදී කටයුතු කරන බවද  හෙතෙම සඳහන් කළේය.

මිනිස්සුන්ගේ බඩගින්න දරුවන්ගේ මන්දපෝෂණය ගැබිනි මවුවරුන්ගේ පෝෂණ වේල මේ රටේ නිරෝගී පරම්පරාවක් බිහි කිරීමට යම් බාධාවක් වෙලා තියෙනවා නම් ඒ තත්ත්වය වැළැක්වීමට ඊට වඩා ප්‍රමුඛත්වයක් තමාට නැතැයිද  රඹුක්වැල්ල මහතා පැවසීය

මන්දපෝෂණය සම්පූර්ණයෙන්ම අවසන් කරන්නේ යැයි පැවසීම සුරංගනා කතාවක් බව ඔහු වැඩිදුරටත්  සඳහන් කළේය.



අදහස් (6)

මන්ද පෝෂණය වැඩි වී ඇති බව කෙහෙළිය පිළිගනිියි

sharm warn Wednesday, 12 October 2022 04:46 PM

මන්ද පෝෂණය හැදිලා ඉන්නේ ළමයින්ටද? එතකොට ඒකට අර ළමයි ගැන වැළලෙන්න හදන බයියන් මොනවද කියන්නේ...? 

:       0       7

fairoos Wednesday, 12 October 2022 07:00 PM

රට බංකොළොත් වෙලා කියලත් පිළිගන්නවාද?

:       0       4

KoralawellaThursday, 13 October 2022 03:50 AM

බංකොලොත් කිව්වට බංකොලොත්ම නැහැ... පාරේ වාහන තියෙනවා මිනිස්සු තවම කාලා බිලා ඉන්නවා.

:       0       1

විපරමා Wednesday, 12 October 2022 10:09 PM

දුශිත දේසපාලුවෝ රටම හොරාකාලා බංකොලොත් කෙරුවා කියන එකත් පිළිගන්නවද?

:       0       0

ගැමියෙක් Wednesday, 12 October 2022 11:12 PM

මේ ගොල්ලෝ තවමත් මිනිස්සු රවට්ටන්න හදනවනේ. ගෙවල් වලට ගිහින් බලන්න දැන් මිනිස්සු කන බොන විදිය බලන්න. මන්දපෝෂණය නෙමෙයි මිනිස්සුන්ගේ පණ කෙන්ද රැකගෙන ඉන්නේ බොහොම අමාරුවෙන් ඡන්ද කාලෙට විතරක් යන්නේ බොරුවට.

:       0       0

Sunil Thursday, 13 October 2022 07:30 AM

ඔබතුමාගේ සංඛ්‍යාලේඛන වලින් බින්දුවක් ඕනෑකමින්ම හැලිලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site