(සුජිත් හේවාජුලිගේ)
කතානායකවරයාට වත්කම් බැරකම් ප්‍රකාශ බාර දිය යුතු මන්ත්‍රීවරුන් 169 දෙනාගෙන් එම ප්‍රකාශ ඉදිරිපත් කර ඇත්තේ මන්ත්‍රීවරුන් 69 දෙනෙකු පමණක් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
සෑම මන්ත්‍රීවරයකුම සෑම වසරකම ජුනි මස 30 වැනිදාට ප්‍රථම සියවත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට භාරදිය යුතුවෙයි.
කතනායකවරයාට වත්කම් බරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ මන්ත්‍රීවරුන් පමණක් වන අතර ඇමතිවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ ජනාධිපති ලේකම්වරයාටය.
වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් නොකළ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බාර දෙනු ලැබ ඇත. වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට මේ අනුව එම කොමිෂන් සභාවට බලය ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතන වෙබ් අඩවියේ සිය වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රදර්ශනය කර ඇත්තේද මන්ත්‍රීවරුන් විසිදෙනකු පමණක් බව වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රී 100ක් අල්ලස් කොමිසමට
nanda Saturday, 06 July 2024 01:35 PM
කෙහෙළියගේ කෙළිටික අහුවුණා වගේ මෙයාලගේත් අහුවෙයි.
ගමේ එකාලා Saturday, 06 July 2024 01:59 PM
දේශපාලුවන්ට තියෙන්නේ ගණදෙවි නුවණ. මෙයාලාගේ ගිණුම් තියෙන්නේ වෙන අයගේ නම් වලට. සමහර ඒවා පිටරට...
Chinthaka Saturday, 06 July 2024 03:40 PM
ඉදිරිපත් නොකරන හා ඉදිරිපත් කල වාර්තා වැරදියි කියලා හිතෙනවා නම් මැතිවරණයට නාමයෝජනා බාරගැනීම හෝ අනුමත කිරීම තහනම් කරනවා නම් රටට සෙතක් වෙනවා
Ruwan De Silva Saturday, 06 July 2024 07:18 PM
අපේ ළඟම නැදෑ කෙනෙක් ඉන්නවා පාර්ලිමේන්තු ඇමැති කෙනෙක්..., අපේ නමටත් බැංකු ගිණුම් තියෙනවා මෑන්ට, ඒ සල්ලි වලින් 20-25%ක් අපිටත් හම්බ වෙනවා. ඉතින් වත්කම් බැලුවාම තියෙන්නේ බැංකුවේ ලක්ෂයයි දෙකයි... හැබැයි කෝටි ගාණක් වෙන වෙන නෑයෝ ගාව තියෙනවා...