(අමදෝරු අමරජීව)
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතාට හා තිලිපන් සැමරුම් රථ පෙලපාලියට ත්‍රිකුණාමලය සර්ධාපුරදි පහරදිම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු හය දෙනෙකු චීනවරාය හා ත්‍රිකුණාමල පොලිසි විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.
සිද්ධිය වු ස්ථානයේ ලබාගත් ඡායාරූප හා විඩියෝ දර්ශන පදනම් කර ගනිමින් මෙම අත් අඩංගුවට ගැනිම සිදු කරණු තිබේ.
පහර කෑමෙන් පසුව රථපෙල ආපසු හරවා ගෙන තඹලගමුව දෙසට ගොස් මන්ත්‍රී සෙල්වරාසා ගජේන්දුන් මහතා දුරකතයෙන් පොලිස්පති වරයාට දුරකතයෙන්පැමිණිලි කළේය.
පසුව ත්‍රිකුණාමලය පොලිස් කණ්ඩායමක් තඹලගමුවට පැමිණ මත්ත්‍රිවරයාගේ පැමිණිල්ල සටහන් කරගැනිමෙන් පසුව අදාල පරික්ෂණ කටයුතු චිනවරාය පොලිසියට භාර දෙනු ලැබිය.
මේ අනුව චිනවරාය පොලිසිය අත් අඩංගුවට ගත් සිවු දෙනාගෙන් තිදෙනෙකු ත්‍රිකුණාමලය විජේසේකර පුර පදිංචිකරුවන් වන අතර අනෙක් තැනැත්තා සර්ධාපුර ප්‍රදේශයේ පදිංචි අයෙකි.ත්‍රිකුණාමලය පොලිසිය මගින් අත් අඩංගුවට ගත් දෙදෙනා මනයාවෙලි හා සුමේධංකරපුර පදිංචිකරුවන්වේ.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රී සෙල්වරාසාට පහරදුන් සිද්ධියට 6ක් සැක පිට
මැක්ස් Monday, 18 September 2023 04:14 PM
අත්අඩංගුවට පත් අයවලුන් විසින් සිදුකර ඇති දේ නීතියට අනුව වරදකි. නමුත් යුක්ති ධර්මයේ හැටියට නිවැරදි දෙයක්.
රාජේශ් ඛන්නා Tuesday, 19 September 2023 04:12 AM
දන්නා තරම තමයි. නීති හැමවිටම යුක්ති ධර්මවලට අනුකුලව ඇත. භෞතික වශයෙන් කොළඹ කෙරෙන බෝර්ඩ් පෙළපාළිවලත් මෙම පෙරහරෙත් වෙනසක් නැත. සිදුවන්නේ සාමාන්‍ය ජනතාවට හිරිහැරයක් පමණි. මහජනතාව නිතිය අතට නොගත යුතු අතර එය ක්‍රියාත්මක කිරීම සඳහා රජයෙන් වැටුප් ලබන ආයතන කීපයක් ම තිබෙන බව කිසිවිටෙකත් අමතක නොකළ යුතුය. සොයා බැලිය යුත්තේ මෙවැනි කටයුතු සඳහා මුල්‍ය පහසුකම් ලැබෙන මාර්ග ගැනය. එම අදායම් සඳහා 100% බදු අය කර ගැනීමට සහ පොදු මාර්ග අවහිර කිරීම සම්බන්ධයෙන් දඩ මුදලක් ය කර ගැනීමේ ක්‍රමවේදයක් ද තිබිය යුතුය.
udara Tuesday, 19 September 2023 09:46 AM
රජය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන කොන්ද කෙලින් තියාගෙන තහනම් සන්විදනයක සාමාජිකයන් සමරන එක නතර කලානම් ජනතාව මේවට මැදිහත් වෙන්න ඕනේ නැ, උන්ට කොන්දක් නැති නිසි ජනතාවට ඒවා නවත්වන්න වෙලා තියෙන්නේ.