(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මන්ත්‍රී වරප්‍රසාද කප්පාදු කිරීම පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
"මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අවශ්‍ය බව අප හැමවිටම ජනතාවට කිව්වා
. එය ජනතාව පිළිගත්තා. දේශපාලකයා අධි වරප්‍රසාද පුද්ගලයෙක් බවට පත්වෙලා හිටියේ.මතු මහලේ වැජඹුණු දේශපාලකයා සැබෑ ජනතා නියෝජිතය කොට ජනතාව අතරට ගේන්න අපට අවශ්‍ය වුණා.අප ඒ පියවර ගත්තා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මන්ත්‍රී විශ්‍රාම වැටුපට තට්ටු වන පනත ළඟ ළඟ එයි
ගුණරත්න Friday, 09 May 2025 01:20 PM
හැමෝම නැවු හිමියන් නොවන නිසා පූර්ණ කාලීන දේශපාලනය කරන විපක්ෂ මන්ත්රීලාට අමාරු වෙයි, එහෙම ජීවන මාර්ගයක් අවශ්‍ය නැති මහා ධනපතීන්ට විතරක් ඡන්දය කරන්න පුළුවන් වෙයි, මේක ප්‍රජාතනත්‍රවාදය නැති කරන මගක්. දැන් ආණ්ඩුවේ මන්ත්රීලාට ප්‍රශ්නයක් නැහැ.. ඔවුන්ට ලංකාවේ ධනවත්ම පක්ෂයෙන් අරමුදල් සපයන නිසා, හරි නම් ඔවුනුත් ඒ අරමුදල් භාවිතා නොකර ඉන්න ඕනෑ....
NPP Friday, 09 May 2025 02:02 PM
හොරුන්ට නැවත බලයට පත්වන්න. කිසිම අවස්ථාවක් දෙන්න එපා. හොරුන්ට කඩේ යන සෙට් එකක් තවම ජනමාධ්‍ය ආයතන වල ඉන්න බව ඉතාම පැහැදිලියි.
සෙනෙ Friday, 09 May 2025 03:02 PM
කියවා කියවා ඉන්නේ නැතිව දැන්වත් වැඩක් කරන්න. උන දෑ මදෑ. ලක්ශ 23ක් මාස 7කට...!
Janaka Paranamama Friday, 09 May 2025 03:54 PM
මෙය අතීතයට ද බලපාන පරිදි ගෙනෙනවාද? නැත්නමි කතානායක අත්සන් කරන දින සිට නීතියක් වෙනවාද ?