(සුජිත් හේවාජුලිගේ )
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගීවී නැතැයි වාර්තා වේ.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභාවේ නම් සඳහන්වූ නිලන්ත ජයවර්ධන මහතා මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුලුවට සහභාගි වන්නේ කෙසේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගෙන් පෙරේදා(19) ප්‍රශ්න කළහ.
මේ සම්බන්ධයෙන් අප නිලන්ත ජයවර්ධන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි වැඩමුළුවක් සඳහා තමාට ආරාධනයක් හෝ නොලැබුණු බවයි.
කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත නිලන්ත ජයවර්ධන මහතා බලශක්ති සහ ප්‍රවාහන ආංශික අධික්ෂණ අධික්ෂණ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමට පෙරේදා (19) සහභාගීවී සිටියේය.
ඔහු එම රැස්වීමට සහභාගි වූයේ පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙනුවෙනි. එම රැස්වීමට තමාට නොවැළක්විය හේතුවක් මත සහභාගීවීමට නොහැකි වන බව පොලිස්පතිවරයා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියකින් දැනුම්දී තිබිණ.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වූණේද පෙරේදා (19) ය.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’මන්ත්‍රී වැඩමුළුවට මට ආරාධනයක්වත් තිබුණේ නෑ’’ - නිලන්ත ජයවර්ධන
Bamunuarachchi Thursday, 21 September 2023 05:14 AM
වැඩමුළුවට ඔබට ආරාධනය කරන එකක් නැහැ. අපේ රටේ දේශපාලනය කරන උන් හිතාගෙන ඉන්නේ උන් තරම් දන්න අය මේ රටේ ඇත්තෙම නැහැ කියලා. උන් වෛද්‍ය වෘත්තිකයින් , ඉංජිනේරුවන්, ගුරුවරුන්, නීතිය. etc. etc.මේ හැමදේම දන්නවා කියලා. ඔවුන් පාස්කු ප්‍රහාරය ගැනත් දන්නවා. සජියා කොමිෂන් වාර්තාව ඉල්ලනවා, ඒක පිටු 70000 කවදා කියවා ඉවර කරන්නද? අනිතිමට මෑන් පරණ පත්තර වලට විකුණයි. අනුර නොදන්න මගුලක් නැහැ.
Rata Perata Thursday, 21 September 2023 12:05 PM
රටේ පරිපාලනය කොච්චර අකාර්යක්ෂමද කියලා පේනවා නේද ?කිසි උගත් කමක් නැති කී දෙනෙක් ඉන්නවද පාර්ලිමේන්තුවේ .මේ වගේ කාලකන්නි ආයෙත් එවලා තමන්ටම සාප කරගන්න එපා.චන්දෙ දෙන්න හරි එකෙක් නැතිනම් චන්දෙ අවලංගු කරන්න .ඒක රටට සෙතක්