IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රී රෝහණ බණ්ඩාරට තර්ජන එල්ල වෙලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කැබති ගොල්ලෑව මැද මැදවච්චිය පළාත් පාලන ආයතනයේ බලය පිහිටුවන්නට කටයුතු කිරීම නිසා සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා  තර්ජන එල්ල වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"පසුගිය මාසයේදී මිනී මැරුම් පනස් දෙකක් සිදුවී තිබෙනවා.මේ මාස අටේ මරණ ප්‍රමාණය අනෙක් කාල වකවානු සමග සැසඳීමේදී වැඩිවී තිබෙනවා. රෝහණ බණ්ඩාර මැතිතුමාට තර්ජන එල්ල වී තිබෙනවා.

විපක්ෂ මන්ත්‍රීවරුන්ට තමන්ගේ දේශපාලනය චින්තනය මත දේශපාලනය කිරීමේ නිදහස අහිමිවෙලා.ඔවුන්ට බරපතළ තර්ජන වලට ලක් වෙන්න සිදුවෙනවා. අප මේ කාරණය ජනපතිටත් දැනුම් දුන්නා.නමුත් ඒ ගැන කිසිදු විසඳුමක් හෝ ප්‍රගතියක් නෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් වඩා රටේ ජනතාවට අප ප්‍රමුඛත්වයක් දෙනවා. ඔවුන්ද දැඩි භීෂණයට ලක්වෙලා. කොයි මොහොතේ වෙඩි  වදී ද කියලා බයේ සිටිනවා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.



අදහස් (4)

මන්ත්‍රී රෝහණ බණ්ඩාරට තර්ජන එල්ල වෙලා

සෙනෙවිරත්න Tuesday, 20 May 2025 01:04 PM

තමුන්නාන්සේත් රෝහණ බණ්ඩාරගෙ අර සෙල්ලම් ලියුමෙ ලණුව කාල වගේ, ඒක පාර්ලිමේන්තුවටත් ගෙනල්ල නිකන් ජෝකර් වෙනව.

:       2       8

සෙනෙවිරත්න Tuesday, 20 May 2025 01:06 PM

පාතාලෙත් එක්ක ගනුදෙනු කර අයට ප්‍රවේශමෙන් ඉන්න කියන්න, උන් අවසාන ප්‍රහාරය අරඹලා වගේ.

:       1       10

Kamal Koyrala Tuesday, 20 May 2025 03:30 PM

පාර්ලිමේන්තුවේ කියලා වැඩක් නැහැ... ඇයි නීති මගින් කටයුතු නොකරන්නේ?

:       0       4

ටයරසෑපුත්‍ර Tuesday, 20 May 2025 03:50 PM

වර්තමාන දේශපාලන පාතාලයේ පියා ඔබගේද පියායි. ඊට කලින් හිටියේ චන්ඩි. සිරිසේන කුරේ සමග එක්ව සොත්ති උපාලිගේ නායකත්වයෙන් අද අපි දකින පාතාලයට ආරම්භය දීමේ කොටසක් පරම්පරාවෙන් ඔබටත් අයිතියි.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 660 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site