IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මන්ත්‍රී බන්දුලාල්ගෙන් ප්‍රශ්න පත්‍රයක්

(නිමල කොඩිතුවක්කු)

මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ධූරයේ සිටියදී නිලධාරීන්ගෙන් සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පාලනය  කරගැනීමට නොහැකි වූයේනම් එතුමා  අගමැති පුටුවේ වාඩිවී එම නිලධාරීන් විධායක ජනාධිපති පුටුවේ වාඩිවී රටේ මානව නිදහසට කරපු බාධාවන් වළක්වන්නේ කෙසේද යන ප්‍රශ්නය රටත් ජාත්‍යන්තරයත් හමුවේ ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බන්ඩාරිගොඩ මහතා කොළඹදී අද (28) පැවැසීය.

ජාතික ආරක්ෂාව තහවුරු කරන  ගමන් මානව නිදහසත් තහවුරු කළ හැකි  නායකත්වයක් සමඟ රට ඉදිරියට යා යුතුව ඇතැයිද මන්ත‍්‍රීවරයා එහිදී පැවැසීය.

කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බන්ඩාරිගොඩ  මහතා මෙසේද කීය.

         ‘‘ මම පෞද්ගලික මන්ත්‍රී පනතක් විදියට මරණ දඩුවම අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මෙම  පනත පිළිබඳ විශාල ආන්දෝලනයක් ඇතිවුණා. ඒ වගේම  මේ පනතට සහයෝගය පළ කරලා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු තුනක් පැවරුණා.

පක්ෂ නායකයින්ගේ තීරණය මත ඡන්ද විමසීම සඳහා  මරණ දඩුවම අහෝසි කිරීමේ පනත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මරණ දඩුවම ක‍්‍රියාත්මක කරන්න කලින් කළ යුතු තවත් බොහෝ ප‍්‍රතිසංස්කරණ තියෙනවා.  එතනදි අපේ පාලකයෝ භාරගත යුතු  වගකිම් රාශියක් තියෙනවා.

ඒ නිසා ප‍්‍රශ්නයේ  අගින් අල්ලලා මේ ගැන කතා කරන  එක වැරදියි. අපේ රට දුපතක්. දුපතක් වෙච්ච අපේ රටට  මත්කුඩු එන එක වළක්වන්න බැරිනම් පාලකයො ඉස්සෙල්ලාම එල්ලෙන්න  ඕන.

අපේ ඇතැම් බන්ධනාගාර  අද අපරාධකරුවන්ට ආචාර උපාධි ලබා දෙන ස්ථාන බවට පත්වෙලා තියෙනවා.  සුලු අපරාධකාරයෙක්  බන්ධනාගාර ගත වුනොත් ඒකෙන් එලියට එන්නේ අපරාධ පිළිබඳ පශ්චාත් උපාධියත් අරගෙනයි. බන්ධනාගාර  ඇතුලේ ඉඳගෙන අපරාධ කරනවනම් හතර පස් දෙනෙක් එල්ලලා මරණ එක ඒකට විසඳුමද කියලා අපි අහනවා.

මරණ දඩුවම ක‍්‍රියාත්මක කිරීමට පෙර කරුණාකරලා නීතියේ තියෙන හිඩැස් වහන්න කියලත්,  බන්ධනාගාර ප‍්‍රතිසංස්කරන වලට අවතීර්ණ වෙන්න කියලත් මම යෝජනා කරනවා.

මහින්ද රාජපක්ෂ මහතා ජනතාව  ඉදිරියට ගිහින් පපුවට අත තියාගෙන කිව්වේ මම  විදුලි පුටුවට ගෙනියන්න හදනවා  මාව ජාත්‍යන්තර අධිකරණයට  ගෙනියන්න හදනවා ඒකෙන් බේරගන්න මට ඡන්දය දෙන්න කියලයි.

එතුමා කිව්ව ඒ කතාවේත් ඇත්තක් තියෙනවා. 2012, 2013 සහ 2014 මානව  හිමිකම් කවුන්සිලයේ අපට එරෙහිව  යෝජනා සම්මත වෙලා තිබුණා. ඡන්ද එන්න එන්න වැඩිවෙලා තිබුණා. අපේ අසල්වැසි රට ඉන්දියාව පවා අපට විරුද්ධව ඡන්ද දෙන තැනකට පත්ව තිබුණා.

මානව හිමිකම් කවුන්සිලයේදී වැඩිපුරම අවධානය යොමුවුනෙත්  තතාබහට ලක් වුනෙත් යුද්ධයෙන් පසු සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය  පිළිබඳවයි.  හිටපු ජනාධිපතිවරයා මේ සියලු කාරණා දැනගෙන එතුමාගේ අණසක යටතේ මේවා  සිදුවුණා කියලා මම කිසිසේත් විශ්වාස කරන්නේ නැහැ. එතුමටත් පාලනය කරන්න බැරි වූ  සමහර බලවත් නිලධාරීන්  මේ මානව හිමිකම්  උල්ලංඝනය කිරීම්  පිටුපස ඒ අයගේ හස්තය යෙදවූවා කියන එක  මේ රටේ ජනතාවගේ  බරපතල සැකයකට ලක්වෙලා තියෙනවා.

මහින්ද රාජපක්ෂ  මහතා විධායක ජනාධිපතිධූරයේ  සිටියදි එදා සිදුවු මානව හිමිකම්  උල්ලංඝනය කිරීම් පාලනය  කරගන්න නොහැකි වුනානම් එතුමා  අගමැති පුටුවේ වාඩිවෙලා ඔය කියන නිලධාරින් විධායක ජනාධිපති පුටුවේ  වාඩිවෙලා කොහොමද ඒ මානව හිමිකම්  උල්ලංඝනය  කිරීම් සහ මේ රටේ මානව නිදහසට කරපු බාධාවන් වළක්වන්නේ කියන ප‍්‍රශ්නය  අද අප හමුවේ තිබෙනවා.

ජාතික ආරක්ෂාව තහවුරු කරන  ගමන් මානව නිදහසත් තහවුරු කළ හැකි  අපි ගොඩනගාගත් ඒ ජාත්‍යන්තර  සබදතා ශක්තිමත් කළ හැකි නායකත්වයක් සමඟ ඉදිරියට යා යුතුයි කියා මා විහ්වාස කරනවා’’ යැයිද මන්ත‍්‍රීවරයා එහිදී පැවැසීය.

 



අදහස් (0)

මන්ත්‍රී බන්දුලාල්ගෙන් ප්‍රශ්න පත්‍රයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site