IMG-LOGO

මන්ත්‍රී නිවාසවලට පහරදුන් තව පහක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී බී හේරත් සහ සුමිත් උඩුකුඹුර මන්ත්‍රීවරුන්ගේ වාරියපොල සහ ගොකරැල්ල පිහිටි නිවාසවලට සහ කාර්යාලවලට පහර දී ගිනි තබා අලාභහානි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

ඉකුත් මැයි 9 වැනි දින මෙම පහරදීම සිදුකර තිබිණි.

කුරුණෑගල කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19,27,29,36හා 55 අතර පසුවන මැල්සිරිපුර හා මලගනේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වාරියපොල කුරුණෑගල පොලීසිය වෙත භාරදී ඇත.

 



අදහස් (3)

මන්ත්‍රී නිවාසවලට පහරදුන් තව පහක් අල්ලයි

Lelwala Wednesday, 14 September 2022 08:07 AM

සියලුම නීතියට එරෙහිවූ මෝඩයින් අත්අඩංගුවට ගත යුතුයි.

:       6       4

Lelwala Wednesday, 14 September 2022 09:38 AM

රාජ්‍ය දේපල හා පෞද්ගලික දේපල විනාශ කිරිම, ඒවා බලහත්කාරයෙන් අත්පත් කරගැනීම, ඒවා පරිහරණය, රැඳීසිටිම, නීතිය අතටගෙන කටයුතු කර සියලු දෙනා අත්අඩංගුවට ගෙන රටේ නීතිය අනුව දඬුවම් දිය යුතුයි.

:       6       3

fairoosWednesday, 14 September 2022 02:12 PM

එහෙනම් ඔයාලගේ නායකයාගෙන්ම පටන්ගමු... මේ වගේ වහල්ලු ඉන්නකන් රටට අබ සරණයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 456 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 628 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site