IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


’’මන්ත්‍රී ගෙවල් වන්දිය’’ කඩිනමින් ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ)

අරගලකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් නිවාස අහිමි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ඒ වෙනුවෙන් වන්දි  ලබා ගැනීම තක්සේරු දෙපාර්තමේන්තුවේ සහ හානිපූර්ණ කාර්යාලයේ  ප්‍රමාදය නිසා තවදුරටත් කල් යනු ඇතැයි වාර්තා වේ.

අරගලයට සම්බන්ධවූ සහ  ඊට ආශීර්වාද කළ මේ ආයතනවල ඇතැම් නිලධාරීන්  මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට සිදුවූ හානි  ද්වේශ සහගත ලෙස අඩුවෙන් තක්සේරු කර   වාර්තා ලබාදීම නිසා ප්‍රමාණවත් වන්දි මුදලක් ලබා ගැනීමට  බාධා  මතුව ඇතැයිද  දැනගන්නට ඇත.

ඉහත සඳහන් කළ ආයතන වල ප්‍රමාදයන්  නිසා මන්ත්‍රීවරුන්ට වන්දි ගෙවීම පමාවී ඇති බව  මේ කටයුතුවලට සම්බන්ධ ආණ්ඩුවේ නිලධාරීහු ආණ්ඩුපක්ෂ රැස්වීමේදී පසුගියදා අනාවරණය කළහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන සභාපතිවරුන් ඇතුළු සියයකට ආසන්න පිරිසකගේ  කෝටි ගණනක  නිවාස ඇතුලු දේපළ  පසුගිය වසරේ මැයි මාසයේදී සිදුවූ  අරගලකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් විනාශයට පත්විය.

දේපල අහිමි වූ මන්ත්‍රීවරුන්ට කොළඹ වියත්පුර  නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදී ඇතත් ඒවා ලබා දී ඇත්තේ වසරක  කාලයකට පමණි. නිවාස අහිමි වූ ඇතැම් මන්ත්‍රීවරුන් ඥාති මිත්‍රයන්ගේ නිවෙස්වල තවමත් රැඳී සිටින බව දැනගන්නට ඇත.

අහිමිවූ නිවාස වෙනුවෙන් තමන්ට තවමත් වන්දි ලැබී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට පසුගියදා පැමිණලි කළහ.



අදහස් (7)

’’මන්ත්‍රී ගෙවල් වන්දිය’’ කඩිනමින් ඉල්ලයි

Channa Saturday, 21 January 2023 11:46 AM

ඡන්දය ට පෙර ඕව ගෙවන්න. නතිනම් UNP එක හෝදා පාලුවකට ලක් වෙයි.

:       2       3

Bishan Saturday, 21 January 2023 12:53 PM

උබලත් පාරට බැහැලා ඉල්ලීම් ඉල්ලන්න.

:       0       5

sampath Saturday, 21 January 2023 02:28 PM

ගෙවල් ගිනිතියපු අය අල්ලලා නඩු දාලා වන්දි ලබා ගන්න. අනෙක් අතට ඔය වගේ රක්ෂණ වන්දි දැනටත් අරන් ඇති. කෙසේ වුණත් ජනතාව හාමතේ ඉන්දැද්දී ඔය වන්දි නොගවිය යුතුයි. ඕව සැලසුම් කරලා කරපු අපරාද. දැන් අන්තිමේ කාගේ කාගෙත් ඇරියස් අහිංසක පොදු ජනතාවට ගෙවන්න වෙන්නේ.

:       3       3

Dharmatileke Saturday, 21 January 2023 02:28 PM

සල්ලි නැහැ. ජනතාවට කියනවා අර්ථිකේ අර්බුදය හින්දා සල්ල නැහැ කියලා. රටේ බෙහෙත් නැහැ. එම නිසා අපි වගේ ඉවසගෙන ඉන්න.

:       0       5

ravin Saturday, 21 January 2023 03:33 PM

සත 05ක්වත් දෙන්න එපා... ශිෂ්ඨ සමාජ විරෝධී ක්‍රියාවලින් ලබාගත් මුදල් යොදවාගන්න කියන්න. වැඩිපුර ජනයා හාමතේ දිවිගෙවන්නේ...

:       0       11

T Shiraz Saturday, 21 January 2023 03:43 PM

මොවුන්ට වන්දි දෙන්න අපායන යන්න කියන්න....

:       0       9

Bamunuarachchi Monday, 23 January 2023 11:30 AM

ජෙප්පන්ගේ පක්ෂ අරමුදලින් අයකර ගන්න. ජෙප්පෝ බලයට ආවොත් අනික් සෑම පක්ෂයක මිනිසුන්ගේ ගෙවල් ගිතියනවා දේපල පැහැර ගන්නවා මංකොල්ල කනවා. ජෙප්පන්ට බලය දෙන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site